ikman Updates

ikman.lk වැඩිදියුණු කළ සෙවුම් ක්‍රමවේදය නිසා දැන් වැඩි අලෙවියක්

ඔබ ikman.lk භාවිතා කරන්නේ සාර්ථක ලෙස භාණ්ඩ හා සේවාවන් අලෙවි කිරීමේ ක්‍රමවේදයක් ලෙස, දැඩි විශ්වාසයකින් යුතුව ය. එම විශ්වාසය තවතවත් තහවුරු කිරීම අපගේ අරමුණයි. එම නිසා ගැනුම්කරුවන්ට ikman.lk තුළ තමන්ට අවශ්‍ය දේවල් වඩාත් පහසුවෙන් සොයාගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා අපගේ කණ්ඩායම නිරන්තරයෙන් කටයුතු කරමින් සිටී.

දැන්වීමක් පළකිරීමේදී ඔබ අලෙවිකරන භාණ්ඩය හෝ සේවාව සම්බන්ධ වැදගත් තොරතුරු සියල්ල සඳහන් කිරීම ඉතාමත් වැදගත් ය. දැන්වීම් අතරින් අවශ්‍ය දේ සොයාගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් පහසු කිරීමට අප නව විශේෂාංග ඇතුළත් කර තිබේ. දැන් ඔබගේ ජංගම දුරකථන වල මාදිලි ආදිය (Model, Version වැනි තොරතුරු) සඳහන් කළ හැකි අතර එය අලෙවිය වැඩි කිරීම සඳහා උපකාරී වනු ඇත.


‘ඩ්‍රොප් ඩවුන්’ ලැයිස්තුව තුළින් ඔබට අවශ්‍ය වෙළඳ නාමය තෝරාගත හැකි වේ.

එම වෙළඳ නාම වලට අයත් සියලු මාදිලි එහිදී ඔබට දැකගත හැක. 

අදාළ මාදිලිය තෝරාගත් පසු අවශ්‍ය නම් එතැන ඇති කොටුවෙහි අදාළ මාදිලියේ මතක ධාරිතාව, වර්ණය සහ උප මාදිලිය ආදිය සඳහන් කළ හැකි වේ.   

 

අපගේ සෙවුම් පද්ධතිය වැඩිදියුණු කිරීමේදී අපගේ මූලික අරමුණ වූයේ ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතර අවශ්‍ය තොරතුරු කාර්යක්ෂම ලෙස සන්නිවේදනය වීමේ අවස්ථාව සලසාදීම ය. අන්තර්ජාලය පදනම් කරගත් ගනුදෙනු කටයුතු වලදී ඔබගේ ප්‍රමුඛතම තෝරාගැනීම ලෙස අඛණ්ඩව සිය සේවාවන් වැඩිදියුණු කිරීමට Ikman.lk කටයුතු කරනු ඇත. මෙම නව ක්‍රමය නිසා පෙර පැවති අතුරු මුහුණතට සාපේක්ෂව 50% ක් පමණ කාලය ඉතිරි කරගෙන වඩාත් ඉක්මනින් ඔබගේ දැන්වීම පළකළ හැකි වනු ඇත.

 

සාර්ථක අලෙවියකට අපෙන් සුබපැතුම්!

Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Close
Close