Otherඋපදෙස් සහ මාර්ගෝපදේශ

Father’s Day දා ඔබේ පියාගේ හදවතට දැනෙන දෙයක් කරන්න Gift Ideas 5ක්

දෙමව්පියන්ට ඇති වටිනා ම සම්පත වන්නේ දරුවන් ය. කුස පිළිසිඳ ගත් දිනයේ පටන් මවක් තම දරුවාට ඇල්මක්, ආදරයක්, සෙනෙහසක් හා රැකවරණයක් දක්වන්නේ යම් සේ ද, පියාගෙන් ද ඒ සියල්ල නොඅඩු ව ලැබේ. පවුලක බර දරනා පියවරුන් වෙහෙස වන්නේ දරුවන්ගේ අනාගතය යහපත් කරනු පිණිස ය. එබැවින් දරුවා මවගෙන් ලද මව්කිරට සේ ම, පියා හෙළන දහඩිය බිඳුවලට ද සැමදා සදා ණයගැති විය යුතුම ය.

Father’s Day අත ළඟයි!

අම්මගේ කුසින් ලෝකය දකින මොහොතේ පටන් කරදඬු උස් මහත් වෙච්ච තරුණයෙක් තරුණියක් කරන්න දිවා රෑ නොබලා දහඬිය මහ පොළවට කැප කරමින් අපේ නිරන්තර රැකවරණය බවට පත්වෙමින් සිදු කරන ඒ අපරිමිත කැපකිරීම් වෙනුවෙන් අපෙන් කිසිම දෙයක් ආදරණීය තාත්තා බලාපොරොත්තු වෙන්නේ නැහැ.නමුත් දරුවන් විදිහට අපේ තාත්තාව/ අප්පච්චිව සතුටු කිරීම, අපේ ආදරය ඔහුට පෙන්වීම කුඩා gift එකක් ලබා දීමෙන් පවා සිදු කරන්න පුලුවන්. තමන්ගේ පියා වෙනුවෙන් තමන්ට පුලුවන් විදිහට මොනවගේ දෙයක්ද දෙන්න පුලුවන් කියලා කල්පනා කරන ඔබ වෙනුයි මේ gift ideas කිහිපයක් මේ විදිහට share කරන්න හිතුවේ.

ඔබට පුලුවන් විදිහට tech gadget එකක් gift විදිහට ඔහුට ගෙනවිත් දෙන්න

අපේ තාත්තාලා අද Digital ලෝකයත් එක්ක බොහෝ සමීප බවක් දක්වනවා. Fcaebook වගේ social media වල ඉන්න එයාලාත් දැන් ටිකෙන් ටික පුරුදු වෙලා. දරුවෙක් විදිහට ඔයා රැකියාවක් කරන ආදායමක් උපයන තරුණ තරුණියන් විදිහට ඔබේ අතේ ඇති මුදලට හරියන smartphone එකක්, smartwatch, wireless headphones වගේ දෙයක් මිලදී ගෙන තාත්තාට දුන්නොත් ඔහු ගොඩක් සතුටින් එය use කරයි.

ආදරණීය මතකයන් සහිත personalized photo book එකක් ඔහුට තෑගි කරන්න.

ආදරණීය මතකයන් සහ පවුලේ ඡායාරූප අලංකාර ලෙස නිර්මාණය කර ඇති ඡායාරූප පොතක් විදිහට නිර්මාණය කරන්න. එය වඩාත් සුවිශේෂී කිරීමට ඔබේ ආදරණීය වදන් එයට එකතු කරන්න. මේ gift එක ඔබේ පියාට වටිනා අවස්ථාවන් සහ පවුල තුළ බෙදාගත් ආදරය ගැන නැවත සිහිපත් කිරීමට ඉඩ සලසනු ඇත.

ඔහු සමඟ දවසක් සතුටින් කාලය ගත කරන්න – spend a day together

අතීතයේ මතක යළිත් සිහිපත් කෙරන සුන්දර දිනයකට ඔහු සමඟ කාලය වෙන් කරන්න.පවුලේ පිරිස එකට එකතු වෙලා පැය කිහිපයක් විනෝදයෙන් කාලය ගත කරන්න. ඔහු සමඟ ගුණාත්මක කාලයක් ගත කිරීම Father’s day දා තාත්තාට කිසිදිනක අමතක නොවන සුන්දර gift එකක් ම වනු ඇත.

ඔබ අතින් ලියන ලද ලිපියක් (handwritten letter) ඔහුට තෑගි කරන්න

ඔබ ඔහු වෙනුවෙන් කොතරම් ලස්සන හෝ මිල අධික දේවල් ම තාත්තා වෙනුවෙන් දිය යුතුමයි කියලා නෑ.එහෙම දෙන්න තරම් අපිට හැකියාවක් නැත්තම් අපි කුමක්ද කළ යුත්තේ? හදවතට දැනෙන විදිහට කෘතවේදී වචන කිහිපයක් එකතු වුණු ආදරණීය ලිපියක් ඔහුට පිරිනමන්න. දරුවෙක්ගේ සරල ඇමතුමක් සුන්දර සිනහව ඔහුට සිනහවක් ඇති කරන මහමේරක් තරම් වටින සම්පතක්. එබැවින් ඔහු ගැන ඔබන දැනෙන දේ සටහන් කරපු ලිපියක් gift දෙන්න පුලුවන් කියන දේත් අමතක කරන්න එපා.

සුරතලෙක් තෑග්ගක් විදිහට ගෙනවිත් දෙන්න

සමාන්‍යයෙන් සමහර අම්මලා ගෙදරට සුරතලෙක් (pet) ගෙනවට අකැමති බවක් පෙන්නුවට තාත්තා ඒ දේට අකමැත්තක් දක්වන්නේ නැහැ. ඉතිං ඔයාගේ තාත්තා රාජකාරී ජිවිතයෙන් විශ්‍රාම අරගෙන විවේකයෙන් ගෙදරට වෙලා නම් ඉන්නේ පාලුව කම්මැලිකම යන්නත් එක්ක දවස සතුටින් ගෙවන්න සුරතලෙක් (pet) ඔයාට පුලුවන් තාත්තාට ගෙනවිත් gift එකක විදිහට දෙන්නත් පුලුවන්.

තාත්තා වෙනුවෙන් පැය විසිහතරක් පමණක් සීමා නොකර ඔබට හැකි සෑම විටම ඔහු ළඟින් ඉදිමින් තාත්තා වෙනුවෙන් කල හැකි සෑම දෙයක්ම කරන්න උත්සහ කරන්න. නැතිනම් දිනක ඔහු අහිමි වු දවසට අපිට දුක පමණක් සදාකාලික ඉතිරි වනු ඇත. අපේ රැකවරණයේ සංකේතය වුණ කරගත් තාත්තා, නිමක් නොමැති බාධක හමුවේ යායුතු මඟ නිවැරදිව කියලා දුන්නා. පිය සෙනෙහස අතරමග තනිනොකොට ඔහුගේ මහිමය සිහිකර ඔහු දිවි දෙවෙනි කොට සුරක්ෂිත කරයි නම් එය ලෝකයේ පැවැත්ම යළි යළිත් සුරක්ෂිත වනවා නියතයි.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close