දේපළ

ශ්‍රි ලංකාවේ දේපල වෙළඳාම් ප්‍රවණතා ගැන සවිස්තරාත්මක තොරතුරු මෙන්න

මිනිසෙකුගේ මුලික අවශ්‍යතාවලින් ප්‍රධානතම දේ තමයි හිට සෙවණක් නැතිනම් නිවසක් කියන දේ.තරුණ කාලයේදී අපේ හිතට එන දෙයක් තමයි අපේම කියලා ලස්සන නිවසක හිමිකාරීත්වය,අතිසුඛෝපභෝගී නිවාසයක හිමිකාරීත්වය කියන දේ.ඊට අමතරව තවත් පිරිසක් සිය කොළඹින් ඈත සිය නිවාස හිමි පිරිස  තමන්ගේ රාජකාරී ස්ථාන කොළඹ තිබෙන නිසා කොළඹ අවටින් ඇනෙක්ස් හෝ කාමර කුලියට ගැනීමට එසේ නැතිනම් පවුලක් විදිහට නිවාසයක් කුලියට ගැනීමට අවධානය යොමු කරයි. මේ හැමෝටම එකම තැනකින් සවිස්තරාත්මක තොරතුරු ලබාගත හැකි PropertyGuide  වෙබ් අඩවියද ඔබ වෙත සමීප කර අවසන්. මේ බ්ලොග් එක තුළින් ඔබට ගෙන එන්නේ මේ වසරේ පළමු කාර්තු දෙකට ආදාළව ikman වෙබ් අඩවිය හරහා ලබාගත් දත්ත මත පදනම්ව ඉදිරිපත් කර ඇති තොරතුරු කිහිපයකි

Properties For Sale and Rental

මේ වන විට ikman දේපළ ඛාණ්ඩය තුල ඉඩම් 34.536ක් විකිණීමටත්, නිවාස 22,871 විකිණීමටත්, නිවාස 3320 කුලියට දීමටත්, වාණිජ දේපල 1381 කුලියට දීමටත්, 1112ක් විකිණීමටත් ikman හි දැන්වීම් පල කර ඇත. කාමර සහ ඇනෙක්ස් 663ක් කුලියට දීමටත්, නිවාඩු නිකේතන සහ විලා කුලියට දීමට 656ක් සහ ඉඩම් 68ක දැන්වීම් විකිණීමට ikman හි පල කර ඇත.ඔබට අවශ්‍ය විවිධ ඛාණ්ඩයේ දේපළ පහසුවෙන් ikman තුළින් මිලදී ගැනීමේ හැකියාව පවතී.

Land For Sale

ඉඩම් විකිණීමේදී වැඩිම ඉඩම් දැන්වීම් ප්‍රමාණයක් කොළඹින් පල කර ඇති අතර එම ප්‍රමාණය 15,617ක් වේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 8100ක දැන්වීම් පල වී ඇති අතර 3170ක ඉඩම් වලට ආදාළ දැන්වීම් කලුතරින් පල කර ඇත.කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 1789ක දැන්වීම් ඇති අතර අනෙකුත් දිස්ත්‍රික්ක වල සමස්තයක් ලෙස දැන්වීම් 5860 ක දැන්වීම් පල වී ඇත.

Apartments

මහල් නිවාස පිළිබඳ දත්ත සැලකිමේදී කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස විකිනීමට මේ වන විට දැන්වීම් 2484ක් පල කර ඇති අතර දැන්වීම් 2044ක් මහල් නිවාස කුලියට දීමට දැන්වීම් පල කර ඇත.ගම්පහ දිස්ත්‍රික්කයට ආදාළව දැන්වීම් 184ක් මහල් නිවාස විකිණීමට ආදාලව පල කර ඇති අතර දැන්වීම් 31ක් කුලියට දීම වෙනුවෙන් දැන්වීම් ikman හි පල කර තිබේ.ගාල්ල දිස්ත්‍රික්කයේ ඇති මහල් නිවාස 13ක් විකිණීමටත්, මහල් නිවාස 12ක් කුලියට දීමටත් දැන්වීම් පල වී තිබේ.කලුතරින් සමස්තයක් වශයෙන් දැන්වීම් 9ක් පල කර ඇති අතර ඉන් 5ක් ඇත්තේ මහල් නිවාස කුලියට දීමට ආදාළවයි.

House

නිවාස ගැන කතා කරද්දී මෙම දත්ත බොහෝ දෙනෙකුට ඉතා වැදගත් වනු ඇත.මක්නිසාද යත් ඔබ නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන නගරයේ හෝ දිස්ත්‍රික්කය තුළ මේ වන විට පවතින දැන්වීම් ප්‍රමාණය පිළිබඳ දළ අවබෝධයක් ලබා ගැනීම තුළිනි.වැඩිම දැන්වීම් පුමාණය් පල කර ඇති දිස්ත්‍රික්කය කොළඹ වන අතර එම ප්‍රමාණයෙන් 17,742ක් නිවාස විකිණීමට ආදාළව දැන්වීම් පල කර ඇති අතර 2494ක් දැන්වීම් නිවාස කුලියට දීම ගැන දැන්වීම් පල කර ඇත. ගම්පහ මේ වන විට නිවාස 4121ක්- විකිණීමට දැන්වීම් පල කර ඇත.377ක් නිවාස කුලියට දීමේ දැන්වීම් පවතී.සෙසු දිස්ත්‍රික්ක පිලිබදවද ඔබට ඉහත රූප සටහන තුළින් දත්ත ලබා ගත හැකි අතර නිවාස පිළිබඳ දැන්වීම් 423ක් නුවර දිස්ත්‍රික්කයනේ පල කර ඇති අතර ඉන් 35ක් ම නිවාස විකිණීමට ආදාළ දැන්වීම් වේ.

Commercial Property

ව්‍යාපාරික කටයුතු සඳහා භාවිතා කිරීමට ඔබ දේපළක් සොයන්නේ නම් මෙම දත්ත ඔබට යම් අවබෝධයක් ලබා දෙනු ඇත. ඒ අතරිනුත් කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම වාණිජ දේපල සඳහා වන දැන්වීම් පල කර ඇති අතර ඉන් 1118ක් කුලියට දීමටත්, 518ක් විකිණීමටත් ආදාළ දැන්වීම් පල කර ඇත.ගම්පහ දිස්ත්‍රික්කයේ වාණිජ දේපල 196ක් විකිණීමට ආදාළව සහ තවත් දැන්වීම් 181ක් වාණිජ දේපල කුලියට දීමට ආදාළව පල කර ඇත.අනිකුත් දිස්ත්‍රික්ක වල සමස්තයක් ලෙස දැන්වීම් 321ක් පල කර ඇති අතර ඉන් දැන්වීම් 268ක් වාණිජ දේපල විකිණීමට ආදාළව පල කර ඇත.

Annex and Rooms

විශ්ව විද්‍යාල වරම් ලද සිසුන් වගෙම බොහෝ රැකියා වලට යන පිරිස තමන්ට අතේ ඇති මුදලට මාසිකව කුලිය ගෙවා ගෙන නිදහසේ සිටීමය අවශ්‍ය වන කාමර සහ ඇනෙක්ස් සෙවීමට නිරන්තරයෙන් උනන්දු වනවා. කොළඹ සමස්තයක් ලෙස මේ වන විට කුලියට දීමට ආදාළව දැන්වීම් 441ක් පල කර ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයට ආදාළව දැන්වීම් 112ක් දැන්වීම් පල කර ඇත.

මේ සියලු දත්ත ඔබට යම් අවබෝධයක් ලබා ගැනීමට බෙවෙින් උපකාරී වන අතර ඔබට දේපළ ඛාණ්ඩයක ආදාළව ඕනෑම නිවසක්, ඉඩමක්, මහල් නිවාසයක් විකිණීමට හෝ මිලදී ගැනීමට හෝ කුලියට දීමට හෝ කුලියට ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් ikman ඊට හොඳම විසඳුමයි. 

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close