ඉලෙක්ට්‍රොනික්ස්උපදෙස් සහ මාර්ගෝපදේශ

අඩු මිලට ලැප්ටොප් පරිගණයක් මිලදී ගන්නේ කොහොමද?

ඔබත් අඩු මිලට ලැප්ටොප් පරිගණයක් සොයනවාද? 

අද වන විට පාසල් සිසුන් හට මෙන්ම කාර්යාලවල සේවය කරන අයටත්, ලැප්ටොප් පරිගණයක බොහෝසෙයින් අත්‍යවශ්‍ය උපකරණයක් වී තිබෙනවා. නමුත්, බොහෝදෙනාගේ අදහස හොඳ ලැප්ටොප් පරිගණක මිලදී ගැනීමට නම් ඔබට හොඳ මුදල් ප්‍රමාණයක්  අවශ්‍ය බවයි. 

මෙන්න මේ නිසාම අද ලිපියේ අපි අඩු මිලට ලංකාවේ ලබා ගත හැකි ලැප්ටොප් පරිගණක කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට හිතුවා.

මෙහිදී, ප්‍රථමයෙන්ම කිව යුතුයි, ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීමට පෙර, පළමුව, ඔබගේ අවශ්‍යතාවය  පිළිබඳව සැලකිලිමත්  විය යුතු වෙන්වා. 

ඒ කියන්නේ, ඔබට මොන වගේ කාර්යයන් පිණිස ඔබට ලැප්ටොප් පරිගණකයක් අවශ්‍ය වෙනවද කියන කාරණය හඳුනාගෙන ඒ කාර්යයන් අනුව ඔබට සරිලන Model එකක් තෝරා ගැනීම වැදගත්. මොකද, එක් ලැප්ටොප් පරිගණක එක් කාර්යයන් සඳහා විශේෂ අංග උපාංග වලින් සමන්විතව පැමිණෙනවා.

ඔබ ඔබගේ අධ්‍යාපන කටයුතු  සඳහා හෝ නිවසේ සිට සිදු කිරීමට සිදුවන සුළු කාර්යාලීය කටයුතු සඳහා භාවිතාවට ලැප්ටොප් පරිගනයකයක් සොයනවා නම් ඔබට entry level ලැප්ටොප් පරිගණකයක් සරිලන්න පුළුවන්. නමුත් ඔබ heavy processing අවශ්‍ය වන කටයුතු එනම්, videography, web designing and development, වැනි කාර්යන්  වල නිතර නිරත වෙන්වා නම්, ඔබට Designer  ලැප්ටොප් පරිගණකයක් දක්වා යාමට සිදු වෙනවා.

Azuz vivobook L203 – Rs. 54,960 සිට

ASUS L203MA සංයුක්ත හා සැහැල්ලු බරකින්  යුත් අඟල් 11.6 ක තිරයක් සහිත මෙම ලැප්ටොප් පරිගණකය පහසුවෙන් ඕනෑම තැනක  රැගෙන ගොස් භාවිතා කල හැකියි. නවතම ඉන්ටෙල් ප්‍රොසෙසරයකින් සහ දිගු කල් පවතින බැටරි ආයු කාලයක් සපයමින් මෙය EmmC ආචයනය සමඟ pre-loaded Windows 10 ( in S mode) සමග පැමිණේ. මෙය අඩු මුදලට ලබාගත හැකි ලැප්ටොප් පරිගනය්කයක් වන අතර ඉගෙනීම් කටයුතු වල නිරත වන දරුවන්ට සහ සුළු කාර්යාල කටයුතු සඳහාත් භාවිතා කරන්න පුළුවන්.

AMD Notebook – Lenovo S150 A6-9220e – Rs. 79,920 සිට

අඟල් 14″ ක තිරයක් සහ AMD ප්‍රොසෙසරයක් සමග ලැබෙන මෙම ලැප්ටොප් පරිගණකය ලංකාවේ අඩු මිලට ඇති ලැප්ටොප් පරිගණකය වලින් එකක්. මෙය  4GB Memory Capacity එකකින් යුක්ත වන අතර HD (1366 x 768) Resolution අගයකින් සමන් විතයි. තවද, මෙහි  720p Webcam එකක් අඩංගු වන නිසා online තාක්ෂණයෙන්  සිදු කරන අධ්‍යාපන කටයුතු, සංවාද මෙන්ම zoom meeting සඳහාද සුදුසු වේ.

ASUS E410MA 14 Inches Display Rs. 70,900 සිට

පැය 12 දක්වා වූ බැටරි යු කාලයක් සහිත මෙම අඟල් 14.0 “HD (1366 x 768) 16: 9, තිරයකින් සමන්විත මෙම ලැප්ටොප් පරිගණකය, අඩු මිලකට හොඳ ක්‍රියාකාරිත්වයක් ලබා දේ. මෙහි ප්‍රති-දිදුලන තිරය ඇසට වෙහෙස කර නොවන අතර ප්‍රොසෙසරය Intel Celeron N4020 (4M Cache, up to 2.8 GHz, 2 cores) වේ.

Lenovo Ideapad D330 2 in 1 Detachable Notebook – Rs. 73,450 සිට

Lenovo බ්‍රෑන්ඩ් එකට අයත්  මෙම ලැප්ටොප් පරිගණකය Intel® Celeron® N4000 ප්‍රොසෙසරයක් සහ  Windows 10 Pro, Operating System එකකින් සමන්විතයි. 4 GB LPDDR4 Memory ක් සමන්විත මෙම පරිගණකය 10.1″ HD (1280 x 800) touchscreen එකක් සහ 64 GB eMMC Storage වලින් යුක්තයි.

අඩු මිලට ලැප්ටොප් පරිගණයක් ලබා ගැනීමට හොඳම ක්‍රමය 

අඩු මිලට ලැප්ටොප් එකක් සොයන ඔබට  Second Hand ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීමෙන් තවත් මිල අඩු කර ගැනීමේ හැකියාව පවතිනවා. නමුත් මෙහිදී ඔබ මිලදී ගන්න ලැප්ටොප් පරිගණකය දෝෂ රහිත ලැප්ටොප් පරිගණකයක්ද නැද්ද යන්න හොඳ අවධානයෙන් සොයා බැලීම වැදගත් වෙනවා. Second Hand ලැප්ටොප් පරිගණකයක් මිල දේ ගන්න ඔබ සැම විටම එහි ක්‍රියාකාරිත්වය නිසි පරිදි සිදු වෙනවද නැද්ද යන්න සොයා බැලිය යුතුමයි. මෙහිදී වෙළඳසැලෙන් ලබා දෙන වගකීම් කාලය නොඉක්ම වූ ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීම වඩාත් නුවණට සුදුසු වෙනවා.

ඔබත් හොඳම ලැප්ටොප් අඩු මිලකට ගන්න අදම Ikman.lk වෙත පිවිසෙන්න.


Browse latest ads:
HP EliteBook 850 G7 - i5 10th Generation
Colombo, Laptop / Netbook
Rs 114,500
HP Core Ultra 5-125H 512GB SSD 8GB DDR5 Brand New Laptop
Colombo, Laptop / Netbook
Rs 217,992
MSI Thin GF63 +Core i7 12th Gen|RTX 3050/4GB|Brandnew Condition Laptops
Colombo, Laptop / Netbook
Rs 229,500
Dell Latitude 5410 Intel Core I5 10th Gen 8GB RAM 256GB NVME SSD
Colombo, Laptop / Netbook
Rs 84,900
LENOVO THINKPAD X1 CARBON – CORE I5 8TH / 8GB Ram 256GB NVME SSD
Colombo, Laptop / Netbook
Rs 88,500
View all 10715 ads..

ලැප්ටොප් විකිණීමට ඇත in Colomboලැප්ටොප් විකිණීමට ඇත in Matara
ලැප්ටොප් විකිණීමට ඇත in Gampahaලැප්ටොප් විකිණීමට ඇත in Kandy
ලැප්ටොප් විකිණීමට ඇත in Galleලැප්ටොප් විකිණීමට ඇත in Kalutara
Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close