කාර් සහ වාහන

මුලු පවුලටම පහසුවෙන් ගමන් කල හැකි වාහන මාදිලි 5ක්

ඔබ විවාහ වී දරුවන් සමග කාලය ගත කරන කෙනෙක් නම්, ගමන් බිමන් යාම සඳහා වාහනයක අවශ්‍යතාවය ඔබට වැඩියෙන් දැනෙනවා ඇති. මිල ගණන්, සුව පහසුව, ඉඩ ප්‍රමාණය වගේ සාධක බොහොමයක් සලකා බලන්න ඔබට සිදු වෙන නිසා ඔබට ගැලපෙනම වාහනය සොයා ගැනීම පහසු කටයුත්තක් නෙවෙයි. අද අපි ඔබ සමග සාකච්ඡා කරන්නේ ඔබගේ පවුලටම පහසුවෙන් ගමන් කල හැකි වාහන කිහිපයක් පිළිබඳවයි. 

1. Maruti Suzuki Wagon R

Wagon R එකක පහසුවෙන් 5දෙනෙකුට ගමන් කිරීමට පුළුවන්. ඉඩකඩත් ප්‍රමාණවත්. ඒ වගේම ඉන්ධන පිරිවැය අතින් ඉතාම කාර්යක්ෂම වාහනයක් ලෙස සලකන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලීටරයකට කිලෝමීටර් 20-30 පමණ ඉන්ධන කාර්යක්ෂමතාවයක් සහිත Wagon R රථයේ පිටුපස boot space එකත් සෑහෙන ඉඩකඩ සහිතයි. පහසුවෙන්, කරදරයක් නැතිව පවුලේ අයත් සමග ගමනක් යාමට හොඳම වාහනයක් ලෙස Wagon R එක සලකන්න පුළුවන්. සාමාන්‍ය වේගයෙන් ගමන් කිරීම සඳහා වඩාත් උචිතයි. මේ දිනවල නම් Wagon R රථයක් රු. ලක්ෂ 45ත් 55ත් අතර මිලකට මිලදී ගැනීමට හැකියි. Suzuki වාහන අතරින් වැඩියෙන්ම අලෙවි වන මාදිලියක් වශයෙන් Wagon R ජනප්‍රියයි.

2. Honda Fit

Honda Fit කියන්නේ ලංකාවේ හැමෝම අතර ඉතාම ජනප්‍රිය වාහනයක්. එයට හේතුව එහි පෙනුම, ඉඩකඩ වගේම performance එකත් ඉතා හොඳ වීම. මීට අමතරව Honda Fit රථයේ ඉන්ධන කාර්යක්ෂමතාවයත් ඉහළයි. සාමාන්‍යයෙන් Honda Fit රථය ලීටරයකට කිලෝමීටර් 20ත් 30ත් අතර ඉන්ධන පිරිවැයක් දරනවා. සැප පහසුව, boot space එක, ආරක්ෂාව කියන හැම සාධකයක් අතින්ම ගත් විට Honda Fit කියන්නේ All rounder වාහනයක්. මෙහි විවිධ මාදිලි මේ වන විට වෙළඳපොලේ දක්නට ලැබෙනවා. මෙම විවිධ මාදිලි රු. ලක්ෂ 45ත් 75ත් අතර මිල ගණන් වලින් මිලදී ගැනීමට පුළුවන්. 

3. Suzuki Spacia

නමෙන් කියනවා වගේම ඉඩකඩ ඉතාම හොඳින් ඇති වාහනයක් තමයි Suzuki Spacia කියන්නේ. ඉහළ තත්ත්වයේ වාහන වල දකින්න ලැබෙන පහසුකම් බොහොමයක් මේ වාහනයේත් තිබෙනවා. පහසුවෙන් පවුලේ සැමට ගමන් කරන්න වගේම වඩා වැඩි ගමන් මලු සහ භාණ්ඩ ප්‍රමාණයක් රැගෙන යාමට ඉතාම පහසුයි. Spacia රථයේ ඉන්ධන කාර්යක්ෂමතාවය ලීටරයට කිලෝමීටර් 25ත් 32ත් අතර ඉහළ අගයක පවතිනවා. මේ සියල්ලම සලකා බැලූ විට ඔබට මිලදී ගැනීමට හැකි වඩාත් උචිත වාහන වලින් එකක් වශයෙන් මෙය දක්වන්න පුළුවන්. Suzuki Spacia රථයක් රු. ලක්ෂ 40ත් 60ත් අතර මිලකට මිලදී ගැනීමට පුළුවන්. 

4. Honda Freed

හැඩයෙන් Honda Fit වගේම Suzuki Spacia රථයට සමාන පෙනුමක් සහිත Honda Freed එකේත් ඉඩකඩ ප්‍රමාණය ඉතා ඉහළයි. වාහනය තරමක් විශාල වුවත් එය එක performance අතින් හොඳ තත්ත්වයක පවතිනවා. මීට අමතරව ඉන්ධන කාර්යක්ෂමතාවය ගත් විට ලීටරයකට කිලෝමීටර් 15-20ක පමණ ඉන්ධන පිරිවැයක් දරනවා. Boot space එකත් වඩා විශාල නිසා දුර ගමන්, විනෝද චාරිකා වැනි ගමන් බිමන් සඳහා කදිමයි. Honda Freed එකක් වෙළඳපොලේ මේ වනවිට රු. ලක්ෂ 60ත් 70ත් අතර අගයක් ගන්නවා. 

5. Suzuki Every

ඉහත වාහන කිහිපයත් සමග ගත් විට ඉඩකඩ අතින් සමාන වෑන් රථයක් වශයෙන් Suzuki Every හඳුන්වන්න පුළුවන්. මෙයත් පවුලේ ගමන් සඳහා හොඳ වාහනයක්. මෙහි boot space එක අනෙක් වාහන වලට සාපේක්ෂව තරමක් විශාලයි. ඉන්ධන කාර්යක්ෂමතාවය අනුව ලීටරයකට කිලෝමීටර් 15ත් 20ත් අතර අගයක් ගන්නවා. මිල ගණන් අතින් ගත් විට මිලෙන් තරමක් අඩු නිසා මෙම මාදිලියේ වෑන් රථ ප්‍රචලිතයි. සාමාන්‍යයෙන් මේ දිනවල Suzuki Every එකක් රු. ලක්ෂ 35ත් 45ත් අතර මිලකට මිලදී ගැනීමට පුළුවන්. 

ඉතින් දැන් ඔබට ඔබ මිලදී ගත යුත්තේ කුමන මාදිලියේ වාහනයක්දැයි වැටහීමක් ඇති. මේ සියලු මාදිලි ඇතුලු වාහන රාශියක් ඔබට ikman ඔස්සේ දැක බලා ගන්නත්, ඔබ ජීවත් වන නගරය, මිල ගණන්, වාහනයේ condition එක, mileage එක වැනි සාධක බොහොමයක් යටතේ ඔබට පහසුවෙන් ඔබගේ options filter කර ගන්නත් පුළුවන් නිසා ikman ඔස්සේ වාහනයක් සොයා ගැනීම ඉතා පහසුයි. ඔබ සතුව මේ වන විට ඇති වාහනය ඉක්මනින් අලෙවි කර ගැනීමටත් වඩාත් ගැලපෙන රියපොළ ikman පමණයි. එහෙනම් ඔබත් අදම ikman.lk වෙත පිවිස ඔබගේ සෙවීම්, විකිණීම් ආරම්භ කරන්න. 

වෙළඳ සන්නාමයමාදිලියමිල (රු. ලක්ෂ)ඉන්ධන කාර්යක්ෂමතාවය (km/L)
SuzukiWagon R45 – 5520 – 30
SuzukiSpacia40 – 6025 – 32
SuzukiEvery35 – 4515 – 20
HondaFit45 – 7520 – 30
HondaFreed60 – 7015 – 20

FAQs:

ලංකාවේ අඩුම කර මිල ගණන් සහිත වාහනය කුමක්ද?

Suzuki Alto, Viva Elite, Daihatsu Mira, Perodua Kelisa, Nissan March k11 වැනි වාහන මිලෙන් අඩු වගේම කුඩා පවුලකට වඩාත් උචිතයි.

ලංකාවේ ඉඩකඩ වඩාත් වැඩි කාර් රථය කුමක්ද?

Suzuki Spacia, Honda Freed වාහන දෙකේම ඉඩකඩ ප්‍රමාණය ඉතා හොඳයි.

ඉඩකඩ වැඩි, ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළ වාහන මොනවාද?

Suzuki Wagon R සහ Suzuki Spacia රථ දෙකේම වඩා වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවයක් දැකගත හැකියි.

ලංකාවේ වාහනයක් මිලදී ගැනීමට ඇති හොඳම online වෙළඳපොල කුමක්ද?

Online market place කිහිපයක්ම ඇති නමුත් ඒ සියල්ල අතර ikman.lk ඉදිරියෙන් සිටී.

මා සතුව දැනට ඇති වාහනය විකිණීමට පහසුම ක්‍රමය කුමක්ද?

ikmanහි දැන්වීමක් පළ කිරීමෙන් ඔබට පහසුවෙන් ඔබගේ වාහනය විකුණා ගත හැකියි.

කාර් සහ වාහන in Colomboකාර් සහ වාහන in Matara
කාර් සහ වාහන in Gampahaකාර් සහ වාහන in Kandy
කාර් සහ වාහන in Galleකාර් සහ වාහන in Kalutara
Facebook Comments
Receive Updates

No spam guarantee.

Tags

Related Articles

Back to top button
Close
Close