ikman

Apple සමාගම  විසින් Google Gemini AI විශේෂාංගය iPhone වෙත ලබා දීමට සුදානමින්

වර්තමාන ලෝකයම AI තාක්ෂණය සමඟ ගණුදෙනු කරන්න පටන් ගැනීමත් එක්කම ලොව බො‌හෝ තාක්ෂණික උපාංග නිෂ්පාදිත ආයතන සිය නිෂ්පාදන AI තාක්ෂණය මුසුකරමින් නව විශේෂාංග හදුන්වාදීමට තරඟකාරී බවක් ඇතිකර ගෙන තිබෙනවා.

AI තාක්ෂණය මේ වන විටත් Samsung සමාගම සිය නවතම එළිදැක්වු  ජංගම දුරකතන මාදිලි වන Galaxy S24 series සදහාත් Google සමාගම සිය Pixel 8 දුරකතනයටත් හදුන්වා දී අවසන්.Apple සමාගම සිය පළමු වරටයි මේ ආකාරයට තමන්ගේ ජංගම දුරකතන සඳහා AI විශේෂාංගය හඳුන්වා දීමට සුදානම් වන්නේ.

Apple iPhone හි විශේෂාංග සඳහා Gemini AI මාදිලිය භාවිතා කිරීම සඳහා මෙගා-ඩීල් එකක් සඳහා Google සමඟ අත්වැල් බැඳ ගැනීමට බලාපොරොත්තු වන බව Bloomberg වාර්තා කරනවා. Safari බ්‍රවුසරය සඳහා iPhone හි ප්‍රධාන search engine එක වෙන බැවින්  Apple සමඟ හවුලේ වැඩකරන්න Google හට මෙම අවස්ථාව ඉතා සුවිශේෂී එකක් වනු ඇතැයි විදසේ වාර්තා පවා පවසනවා.

මෙම වසර අගදී iOS යාවත්කාලීනයන් සමඟ AI බලයෙන් ක්‍රියාත්මක වන විශේෂාංග හඳුන්වා දීම සඳහා Google හි AI තාක්‍ෂණයට බලපත්‍ර ලබා දීමට Apple බලාපොරොත්තු වන බවද Bloomberg වාර්තා කරනවා.

එළඹෙන iOS 18 මෘදුකාංග යාවත්කාලීනයේ සමහර උපාංග විශේෂාංග බලගන්වනු ඇත්තේ Apple හි ම මාදිලිය – ජුනි මාසයේ පැවැත්වෙන ලෝක ව්‍යාප්ත සංවර්ධක සමුළුවේදී (WWDC) ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, සමාගම රූප නිර්මාණය කිරීම සහ පරිශීලකයින්ට ලිවීමට උපකාර කිරීම වැනි උත්පාදක AI භාවිත අවස්ථා සඳහා බාහිර සැපයුම්කරුවෙකු සමඟ හවුල් වීම කෙරෙහි මුලික වශයෙන් අවධානය යොමු කර තිබෙනවා.

ඒ වගෙම codenamed Ajax නමින් apple සමාගමද සිය large language model එකක් මේ වන විට අත්දහා බැලීමේ මට්ටමක සිටින අතර එය කිසිම විටකත් Google Gemini හෝ Open AI  සමඟ තරඟකාරී මට්ටමකට පැමිණීම තරම් ඉතා සුවිශේසී ඉහළ දියුණුවක් නොමැති නිසාවෙන් මේ ආකාරයට Apple සමාගම Google Gemini හෝ Open AI සමාගම් සමඟ ගිවිසුම්ප්‍රකාරව සිය iPhone සඳහා AI විශේෂාංගය හදුන්වාදීමට සුදානම් බව දක්වන්න පුලුවන්.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close