ikman

නත්තල් සමයේ ඔබේ නිවස සැරසිලි වලින් අලංකාර කරන්න අදහස් කිහිපයක්

පුංචි තරුණ වැඩිහිටි හැමෝම වගේ ආගම් ජාති භේදයකින් තොරව ගොඩක් ආස කරන් මාසයක් තමයි උඳුවප් මාසය කියලා කියන්නේ.ඒහෙමත් නැතිනම් නත්තල් මාසය කියලත් හඳුන්වනවා. නත්තල යනු සෑම වයස් කාණ්ඩයකම මිනිසුන් බොහෝ සෙයින් අපේක්ෂා කරන සුවිශේෂී උත්සවයක්. ජේසුස් වහන්සේ උපත ලද දිනය සිහිපත් කිරීම සඳහා, මෙම උත්සවය කිතුනු ජනතාවට ඉතාම සුවිශේසී දිනයන්ගෙන් එකකි.

දෙසැම්බර් මාසය ආරම්භයේ සිටම නිවාස, කාර්යාල නත්තල් සිරියෙන් හැඩගන්වන්න බොහෝ නොඉවසිල්ලෙන් සිටිනවා.මේ විස්මිත නත්තල් සැරසිලිවලින් ඔබ තුළ සිටින අභ්‍යන්තර නිර්මාණකරුවා එළියට ගැනීමට හොඳම සමයද නත්තල යැයි බොහෝ දෙනා විශ්වාස කරනවා. නිර්මාණාත්මක මල් සැරසිල්ලේ  සිට ආලෝකමත් නත්තල් ගස දක්වා, මෙම මාසය තුළ සැලසුම් කිරීම සහ අලංකාර කිරීම සම්පූර්ණයෙන්ම ආකර්ෂණී ඇස් පිනවන වෙනසක් ගනු ලබනවා. 

 ඉතින් ‘නත්තලට ඔබේ නිවස අලංකාර කරන්නේ කෙසේද?’ යනුවෙන් කල්පනා කරන අය සඳහා ඔබේ නත්තල් ගෘහ සැරසිලි   ඉහළ නැංවීමට ඔබට භාවිතා කළ හැකි සැරසිලි අදහස් කිහිපයක් දෙන්න අපි හිතුවා

ඉදිරිපස ප්‍රධාන දොර නත්තල් මල් වඩමකින් සරසන්න (Christmas Door Wreath)

ඔබේ නිවසත් නත්තලට සුදානම් කියන පණිවිඬය අසල්වාසීන්ට ලබා දීමේ සංකේතයක් විදිහට අපි මේ සැරසිල්ල භාවිත කරන්න පුලුවන්.

තවද ලෝකයේ මේ මල්වඩමට වෙනස්ම වු අර්ථකතනයක් ලබා දී තිබෙනවා.එනම් තියුණු, උල් වූ කොළ සහිත හොලි මල් වඩම ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත පැළඳ සිටි කටු ඔටුන්න නියෝජනය කරන අතර කුඩා රතු බෙරි ලේ බිංදු නියෝජනය කරයි. මල් වඩමක් දොරේ එල්ලා ඇති විට, එය ක්‍රිස්තුස් වහන්සේට සහ නත්තල් ආත්මයට ඔවුන්ගේ නිවසට ඇතුළු වීමට කරන ආරාධනයක් ලෙසද ලෝකයේ බොහෝ දෙනා මෙම අලංකාර සැරසිල්ල තුළින් නිරූපනය කරනවා.

වර්ණ රටා මවන අලංකාර නත්තල් ගස

නත්තල් අසිරියෙන් නිවසක් කාර්යාලයක් ආනිවාර්යෙන්ම සරසන කොට අත්‍යවශයම අංගය බවට සහ නැතුවම බැරි සැරසිල්ල බවට පත්වෙන්නේ නත්තල් ගසයි. මේ සඳහා  Fir ගස යොදාගනු ලබනවා.එය නත්තල් බෝල, විදුලි පහන්, ත්‍යාග සහ වෙනස් සැරසිලි යොදා ගනිමින් අලංකාර කිරීම කළ හැකිය.නත්තලට සූදානම් කරනු ලබන නත්තල් ගස්වල මුදුනේ වල්ගාතරුවක් ද ගසේ සෙල්ලම් බඩුද එල්ලා විදුලි බුබුලුවලින් ආලෝක කර තැබීමෙන් සිය දරුවන්ගේ පවා මුවගට සිනහවක් එක්කරමින් නත්තලේ සැබැ අරුත සියලු දෙනාටම විදිය හැකිය.

ආකර්ෂණීය නත්තල් කෑම මේසයක් නිර්මාණය කරන්න

උත්සව සමයේ බොහෝමයක් ආහාර පාන වටා කේන්ද්‍රගත වී ඇති හෙයින්, නත්තල් රාත්‍රී ආහාරය බොහෝ විට අප බොහෝ දෙනාගේ සැමරුම්වල කේන්ද්‍රීය කොටස වීම පුදුමයක් නොවේ, එබැවින් මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන කිසිදිනක අමතක නොවන නත්තල් මේසයක් සාදන්න. Seasonal tableware and serveware රැසක් ඒ රාත්‍රීය වෙනුවෙන් යොදාගන්න.අලංකාර මේස රෙදි, Christmas centerpieces, candles සහ තවත් බොහෝ දේ නත්තල් කෑම මේසය සරසන්න ඔබට යොදාගන්න පුලුවන්. 

මේ ලිපිය තුළින් ඔබට ගෙන ආවේ සමාන්‍යයෙන් නත්තල් සිරිය මවන ගෙදරකට අව්‍යශ මූලික සැරසිලි වලට අදහස් කිහිපයක්.නමුත් මේ කියන්නේ ඊට හාත්පසින් වෙනස් කතාවක්.

වර්තමානයේ ලංකාවේ පවතින ආර්ථික තත්වය හමූවේ හැම පවුලකටම එකවගේ සැරසිලි වලින් උඳුවප් මාසයේ නිවස සරසන්න ලොකු මුදලක් වියදම් කිරීම අපහසු වන ඇත.

නමුත් අපි නොදැනුවත්වම අපි ළඟ තියෙන ඉවලන කඩදාසි වගේ දේවල් අරගෙන නිර්මාණාත්මකව ඔබ හිතුවොත් බොහෝ නිර්මාණ ඔබට තරුණයින් විදිහට නිර්මාණය කරන්න පුලුවන්.අද ස්මාර්ට් ජංගම දුරකතනයක් හැම නිවසකම වගේ තියෙනවා. බොහෝ නිර්මාණ ඉතා පහසුවෙන් කරන විධි ගැන පවා ඔබට අන්තර්ජාල විඩීයෝ හරහා පව නරඹමින් සිදුකරන්න පුලුවන්.ඔබ ඔබෙම නිර්මාණාත්මක ඇසින් සිදුකරන සැරසිලි නත්තල් දිනයා දා අලංකාරව දිස්වන විට ඔබ ලබන සතුට සැබෑ තන්තලේ අසිරිය වනු නිසැකය.ඒවගෙම නත්තල් බෝල සහ අනෙකුත් විදුලි පහන් එක වසරකට පමණක් සීමා නොකර ඒවා පරිස්සම් කරමින් වසර කිහිපයක් භාවිතයට හෝ අසල්වැසියන් නැදෑයින් සමඟ ඒවා බෙදාගනිමින් ඔබට නත්තල තවත් සුන්දල කළ හැකිය.

ඉතින් එළැඹෙන නත්තලට ආදරය, දයාව, කරුණාව ක්‍රියාවෙන් ඉටු කරන්නට ඔබට හැකිනම් ඔබ නත්තලේ සැබෑ අසිරිය විඳිනු ඇත. 

එළැඹෙන්නා වූ නත්තල ලංකාවාසී සැමට සාමය, සතුට, නිරෝගීභාවය සපිරි සුබ නත්තලක් වේවා!

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close