රැකියා සහ සේවා

රැකියා සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන ආකාරය මෙන්න

සම්මුඛ පරීක්‍ෂණ යනු අප සැමගේ සිතට යම්කිසි  අපේක්ෂාවක්, පීඩනයක් සහ අවස්ථා සම්බන්ධ බියක් ඇති කරන අවස්ථාවකි. සම්මුඛ පරීක්‍ෂණයක් යනු තම රැකියා  ජීවිතය ආරම්භ කිරීමේදී නිවැරදි දිශාවට පියවරක් පමණක් ද නොව, එය සියලු දෙනාගේ ගොයමකට වී ඉසින්නා මෙන් ආරම්භයට මුල් ගල වේ. එම සිහිනය සැබෑ කර ගැනීමේ අරමුණින් අපගේ සාර්තකත්වයට බලපාන කරුණු කිහිපයක් අවබෝද කර ගනිමු.

සමාගමහි අරමුණ / පසුබිම අවබෝධ කර ගැනීම

සමාගමහි පසුබිම තම ඉලක්කමෙහි තබා ගැනීමට වග බලා ගන්න. ඔබ දොරකඩට පැමිණීමට පෙර සමාගමේ පිටුපස දොර ගැන දැනුවත් වී ඔවුනගේ අරමුණු, ඔවුන්ගේ ඉලක්කය  සහ දැක්ම තේරුම් ගැනීමට උත්සහ කරන්න. ඔවුනගේ දෘෂ්ටිකෝණයත් සමග සමාන ධර්ෂණයක් තමාගේම දර්ෂණයට එක්ලහසු කරගැනීමට උත්සහ කරන්න. තීක්ෂ්ණ බුද්ධිය යොදවමින් ඔබගේ ඉදිරිපස සිටින්නන්ව පුදුමයට පත් කරන්න. ආයතනයේ දැක්ම සමඟ පෙළ ගැසී ඔවුන් සමග අත්වැල් බැඳි හැකි ආකාරය ඔවුනට පැහැදිළි කරන්න.

ඔවුන් ඔබව හඳුනනවාට වඩා  ඔබ තමා ගැන හොඳින් දැනගන්න

ඔබේගේ CV’ය යනු ආයතනික ලෝකයේ පන්චායුධයයි. එය තමාගේ වාසියට භාවිතා කරමින් තමා  පිලිබඳ දැනුවත් වීමකින් කටයුතු කරන්න. අන් අයට වඩා  හොඳින් අප ගැන දන්නා  බව විශ්වාස කළත් අනෙක් අන්තයේ සිටින පුද්ගලයා ට ඔබව පුදුමයට පත් කිරීමට ඉඩ නොදෙන්න. ඔබේ සිතුවිලි, අදහස් සහ දැක්ම විකිනීමට පුහුණු වන්න. ඔබේ CV’ය  මෙම ක්‍රියාවලියේදී ඔබ සතු මුගුරු දණ්ඩ වේ. එම දණ්ඩ භාවිතයට ගනිමින් අනෙක් කෙළවර දක්වා  අදහස රැගෙන යන්න.

සිත් ඇදගන්නා  ලෙස ඇඳුමින් ආවරණය වන්න 

පළමු හැඟීම් වැදගත් වන අතර ඒවා ඔබ විශ්වාස කරනවාට වඩා  දිගු කාලයක් පවතී. සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය පැය භාගයක් පවතී නම්, සාරාංශයක් ලෙස ඔබ පිළිබඳ පරිපූර්ණ රූපයක් විකාශනය කිරීමට ඔබට විනාඩි 30ක් තිබේ. ඔබේ ඇඳුම් ආයිත්තම් කට්ටලය ඉහළ ප්‍රමිතියකින් තබා ගන්න, එය සේවායෝජකයාගේ මනසෙහි හැඟීමක් ඉතිරි කිරීමදී  බොහෝ  දුරක් යා  හැකිය. සේවා යෝජකයාගේ ඇස්වල නරක පැල්ලමක් ඉතිරි කිරීමේ අවස්තාව තුලිත කිරීමට තම ආවරණය පිළිබඳ සැලකිලිමත් වන්න 

කාලයට අනුව කටයුතු කිරීම 

ඔබ දවසින් දවස සමාහමට පියවර ගන්නේ කුමන වේලාවටදැයි දැන ගැනීමට ඔබේ සේවායෝජකයාට අවශ්‍ය වන්නේ සම්මුඛ පරීක්‍ෂණය පමණකි. හැකි සෑම අවස්ථාවකදීම නියමිත වේලාවට පැමිණීමට කටයුතු කරන්න. “ඔබ නියමිත වේලාවට වැඩ කටයුතු කරනවානම්, එයින් අදහස් වන්නේ ඔබ දැනටමත් ප්‍රමාද වී ඇති බවයි.” කලින් පැමිණීමෙන් සේවායෝජකයාට සහ ආයතනයට ඔබේ ගෞරවය හැඟුම් පෙන්නුම් කරයි.

ඵලදායී ලෙස සන්නිවේදනය කරන්න

ඔබේ අදහස් ප්‍රකාශ කිරීමට සහ කතාබහ කිරීමට කාලය ගන්න. ඔබේ කටහඬ සහ ශරීර භාෂාව ඔබේ දුන්න සහ ඊතලය ලෙස අතට ගෙන නිරවද්‍යව සහ කාරණයට කතා කරන්න. ඔබ රැකියාව සඳහා  ඔබගේ සුදුසුභාවය සේවායෝජකයාට දන්වමින් නිහතමානිව හැසිරෙන්න 

තම වටිනාකම හඳුනා ගැනීම 

රැකියාවක නියැලීම සඳහා සෙසු අයට වඩා ඉහලින් කැපී කැපෙන පුද්ගලික වටිනාකමක් පිරිනැමීමට සූදානම් විය යුතුය. අපි මෙම පෞරුෂත්ව අගයන් සංඛ්‍යාත්මකව සංසන්දනය කරන්නේ නම්, 0.5 එකක වෙනසක් වුවද ඔබව අනෙක් ඒවාට වඩා ඉහළින් තබන කැපුම් අගය විය හැකිය.

මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීමේ කලාව ප්‍රගුණ කරන්නේ කෙසේද යන්න පිළිබඳ මාර්ගෝපදේශයක් ඔබට ලැබී ඇත. මෙය බොහෝ සාධක මත රඳා පවතින බැවින් මෙය සහතික නොවන බව මතක තබා ගන්න, නමුත් මෙම ක්‍රම අනුගමනය කිරීමෙන් නිසැකවම ඔබේ අවස්ථාව වැඩි කරයි. 

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close