ikman

රටකි,දැයකි,ලොවකි ඇය – ජාත්‍යන්තර කාන්තා දිනය 2024

ලෝක ජනගහනයෙන් 2023 වසර වනවිට 49.75%ක් එනම් මිලියන 4002ක් කාන්තාවන් බව දත්ත මඟින් පෙන්වා දී තිබෙනවා.ශ්‍රි ලංකාවේ කාන්තා ජනගහනයද මේවන විට 51%ක් දක්වා වර්ධනය වී අවසන්. ඒ අනුව අපිට පැහැදිලි වනවා ලංකාවේ වගෙම ලෝකයෙත් ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය කැපී පෙනෙන අයුරින් වර්ධනය වී ඇති බව.

කාන්තා දිනයේ ඉතිහාසය

1908වසරේ මාර්තු 08 වෙනිදා ඇමරිකාවේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවය කල කාන්තාවන් පිරිසක් තම පැය 16යේ සේවා මුරය පැය 10කට සීමා කිරීමේ අයිතිවාසිකම් ලබාදෙන මෙන් ඉල්ලා නිව්යෝර්ක් නුවරදී දැවැන්ත පෙළපාලියක් සංවිධාන කල අතර ඒ අයිතීන් කාන්නාව වෙනුවෙන් ලබා දෙන්නත් පසුව 1909 දී කාන්තාවන් වෙනුවෙන් දිනයක් පිළිබද අදහසක් ඇති වන්නට විය. 1910 සිට එම අදහස යථාර්ථයක් බවට පත්වු අතර එතැන් සිට කාන්තා දිනය සෑම වසරකම ලොවපුරා රටවල සැමරීම ආරම්භ විය

කාන්තාවගේ භූමිකාව

සොබාදහමෙන් පවා කාන්තාවන්ට දියණියක්,යෙහෙලියක්,සොයුරියක්,බිරිඳක්,මවක් සහ මිත්තණියක් ලෙස විවිධ ආකාරයේ වු භූමිකා නිරූපනයේ අවස්ථාවන් ලබා දී තිබේ.වර්තමානයේ රැකියා වෙළඳපලේ වර්ධනීය ස්ථානයක් හිමිකරගෙන ඇති කාන්තාව පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙහිලා සිය ප්‍රමුඛ වගකීමේ පවුලේ කොදු නාරටිය බවට පත්ව අවසන්.

සෑම කාන්තාවකටම සිය භූමිකාව නිවැරදිව කරමින් සිය සාධාරණත්වය ඇති කිරීමට බලපෑම් කළ හැකිය.තමන් සිටිනා රැකියාව තුළ හෝ මිතුරන් හෝ පවුල තුළදී පවා සිය සාධාරණත්වය වෙනුවෙන් හඬ නැගීම කාන්තාවනගේ ශක්තිය තිබිය යුතුය.

කෙසේවෙතත් දිනෙන් දින කාන්තාව සිය අයිතීන් සහ නිදහස වෙනුවෙන් පෙනි සිටිමින් ජයග්‍රහණය ලබමින් පෙරටම ගමන් කරමින් සිටී.රටක්,දැයක්,ලොවක් වන ඇයගේ සියලු අභිමතාර්ථයන් සාක්ෂාත් කරගැනීමට 2024 වසර ආදරණීය කාන්තාවන්ගේ වසර වේවායි ikman අපේ ප්‍රාර්ථනයයි.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close