කාර් සහ වාහන

BikesGuide: ikman විසින් බලගන්වන ලද යතුරුපැදි සමාලෝචන, පුවත් සහ උපදෙස් සඳහා ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීයම Digital වේදිකාව

යතුරුපැදියක්  ගන්න ඉන්න,යතුරුපැදියක හිමිකරුවෙකු වන ඔබට මෝටර් රථ ගැන සියලු තොරතුරු එකම තැනකින් ලබා ගත හැකි ඩිජිටල් වේදිකාව BikesGuide නමින් එළිදැක්වු බව ඔබට කියන්නේ ඉමහත් සතුටකිනි.ශ්‍රී ලංකාවේ යතුරුපැදි  වෙළඳපලේ තිබෙන සෑම සන්නාමයකටම (brand) අයත් මෝටර් රථ පිළිබඳ සමාලෝචන (reviews) BikesGuide හරහා ඔබට සමීප කරනු ඇත.

ikman විසින් බලගන්වන BikesGuide කියලා කියන්නේ යතුරුපැදි පිළිබඳ සමාලෝචන(reviews) පමණක් සපයන ඩිජිටල් වේදිකාවක් පමණක් නොවේ. විශේෂඥ උපදෙස්(expert advise),පුවත්(news),Tips සහ යතුරුපැදි මිළ ගණන් ඊට ඇතුළත්. ඒ නිසාම BikesGuide යතුරුපැදි ගැනුම්කරුවන්,හිමිකරුවන් සහ පරිශීලකයන් අතර වඩාත් විශ්වසනීයම තොරතුරු සපයන යතුරුපැදි ආශ්‍රිත තොරතුරු සඳහාම වෙන්වුණ මෙරට ප්‍රථම වෙබ් අඩවිය බවට පත්වණු ඇත.

යතුරුපැදි නඩත්තුව(bike maintenance),සේවා මාර්ගෝපදේශ(servicing guides,මුළ්‍ය සහ රක්ෂණ විකල්ප(financing and insurance options) ඇතුළු වටිනා  තොරතුරු රැසකින් BikesGuide සමන්විතයි. යතුරුපැදි  පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් වාහන පිළිබඳ සත්‍ය සහ විශ්වසනීය තොරතුරු ඔබේ දැනුම් පොතට එකතු කරමින් ඒ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා දීමයි BikesGuide අපේ අරමුණ.

ඉහත සඳහන් කළ අරමුණ සඳහාම කැපවුණ ප්‍රමිතිගත වෙබ් අඩවියකට අමතරව BikesGuide Facebook, Instagram, TikTok ආදී ජනප්‍රිය සමාජ මාධ්‍ය නාලිකා හරහාද ඔබට BikesGuide සමඟින් සම්බන්ධ වීමේ අවස්ථාව උදාකර දී තිබේ.යතුරුපැදි සන්නාම සහ මාදිලි පිළිබඳ සවිස්තරාත්මක වීඩියෝ විශේෂාංග  අපගේ BikesGuide YouTube නාලිකාව හරහා ඉදිරියේදී සමීප කරමින් ඔබට ආකර්ෂණීය අත්දැකීමක් ලබා දෙනු ඇත.

ඔබගේ යකඩ හීනය සැබෑවක්ම කරගන්න  BikesGuide සමඟින් ඔබත් අදම එකතු වන්න

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close