iPhone 17 Series ගැන දැනගන්න හැමදේම

ඇපල් ලෝකෙම උණුසුම් කරපු අලුත්ම iPhone එක, iPhone 17 Series එක ලංකාවට එනකන් හැමෝම බලන් ඉන්නේ. අලුත් models, සුපිරි design, අති නවීන features එක්ක මේ පාර iPhone ලෝකෙම අලුත් කරලා දායි කියල තමයි කියන්නේ. අපි බලමු මේ සුපිරි iPhone එක ලංකාවට එන්නෙ කවද්ද, කොච්චරක් වෙයිද, අලුත් මොනවද features තියෙන්නේ කියලා.
Launch date එක සහ ලංකාවේ Availability
iPhone 17 Series එක Apple සමාගමෙන් එළිදක්වන්නෙ 2025 සැප්තැම්බර් 9 වෙනිදා. Pre-orders ඒ සතියෙම වගේ පටන් ගන්නවා. ලෝකෙට Deliveries පටන් ගන්නේ සැප්තැම්බර් 19 වගේ.
🇱🇰 ලංකාවට එන්නේ කවදද?
Official විදියට ලංකාවට එන්න තව සති කිහිපයක් යයි. හැබැයි, ikman වගේ online platforms සහ resellers ලා ඉක්මනටම මේ අලුත්ම Phone ලංකාවට ගෙනත් දෙනවා.
අලුත්ම Models හතර
මේ පාර Apple සමාගම Models හතරක් එළිදක්වනවා. ඒ තමයි:
- iPhone 17 (Standard model එක)
- iPhone 17 Air (අලුත්ම Slim model එක)
- iPhone 17 Pro
- iPhone 17 Pro Max
පරණ “Plus” version එක අයින් කරලා ඒ වෙනුවට තමයි මේ සුපිරි iPhone 17 Air එක ඇවිල්ලා තියෙන්නේ. මේක ලංකාවේ style-conscious පාවිච්චි කරන අය අතරට ගොඩක්ම ජනප්‍රිය වෙයි කියල හිතන්න පුළුවන්.

Design එක සහ Display එක
- iPhone 17 Air එක මේ වෙනකම් ආපු හැම iPhone එකකටම වඩා thin කියලා තමයි කියන්නේ, ඒක 5.5mm විතර සිහින්. ඒක lightweight devices වලට ආසා කරන අයට perfect.
- Display sizes 6.3 inches (iPhone 17) ඉදන් 6.9 inches (Pro Max) දක්වා තියෙනවා.
- ඒ වගේම මේ පාර හැම Model එකක්ම 120Hz ProMotion LTPO display එකක් එක්ක එනවා. ඒක නිසා scrolling, gaming, video playback වගේ දේවල් සුපිරියටම smooth.
- පරණ square camera bump එක වෙනුවට අලුත්ම camera bar design එකක් පාවිච්චි කරලා තියෙනවා. මේක නිසා iPhone 17 එකට cleaner look එකක් ලැබිලා තියෙනවා.

Performance
- iPhone 17 සහ Air එකට අලුත්ම A19 chip එකයි 8GB RAM එකයි ලැබෙනවා.
- Pro සහ Pro Max models වලට A19 Pro chip එකත් 12GB RAM එකත් ලැබෙනවා. මේක නිසා gamers, content creators සහ professionals ලාට මේවා සුපිරි powerhouse එකක් වේවි.
- Connectivity: මේ හැම model එකකම Wi-Fi 7 support කරනවා. ඒ වගේම Air model එකේ Apple’s in-house C1 5G modem එකක් තියෙනවා. ලංකාවෙත් 5G coverage එක වැඩි වෙනකොට මේක ලොකු help එකක් වේවි.
Cameras: Content Creatorsලාටම හදපු එකක්
- Front Camera: 24MP selfie camera එකක් තියෙනවා. මේක ලංකාවේ vloggers සහ TikTok creators ලාට big deal එකක්.
- Rear Setup:
- iPhone 17 Air: Single 48MP Wide lens එකක්.
- Pro models: Triple 48MP cameras එක්ක enhanced zoom, 8K video recording, සහ dual-camera recording (ඉදිරිපස සහ පිටුපස එකම වෙලාවෙ) වගේ සුපිරි features ගොඩක් තියෙනවා.
මේක YouTube reviewers, Instagram influencers සහ High detail වලින් videos, photos ගන්න කැමති ඕනෑම කෙනෙක්ට perfect.
Battery එක සහ Charging
- iPhone 17 Pro Max එකට මෙතෙක් ආපු iPhones වලට වඩා ලොකුම battery එක ලැබෙන්න ඉඩ තියෙනවා—ඒක 5,000mAh ට වඩා වැඩියි.
- Charging එකත් වේගවත්, wired charging 35W දක්වා සහ wireless charging 25W දක්වා support කරනවා.
- Reverse wireless charging කියන feature එකත් තියෙන්න පුළුවන්. ඒකෙන් ඔයාට ඔයාගේ AirPods වලට වගේම තවත් ෆෝන් එකකටත් battery power share කරන්න පුළුවන්.
ලංකාවේ long days සහ travel කරන අයට මේකෙන් ලොකු relief එකක් ලැබෙයි.
Price
Apple සමාගම globally $50 (USD) වගේ මිල වැඩි කරයි කියලා තමයි කියන්නේ. ඒ අනුව ලංකාවේ මිල ගණන් මේ වගේ වෙන්න පුළුවන්:
- iPhone 17: LKR 300,000+ වලින් පටන් ගනියි.
- iPhone 17 Air: LKR 450,000+ වගේ වෙයි.
- iPhone 17 Pro: LKR 520,000+ වගේ.
- iPhone 17 Pro Max: LKR 600,000+ සහ ඊට වැඩි වෙන්න පුළුවන්.
(ලංකාවේ prices, customs duties, සහ sellers ලා අනුව වෙනස් වෙන්න පුළුවන්.)
Colors
- iPhone 17: Black, White, Steel Gray, Green, Purple, Light Blue.
- iPhone 17 Air: Black, White, Light Blue, Light Gold.
- Pro / Pro Max: Black, White, Gray, Dark Blue, Orange.
Light Gold Air එකයි, Orange Pro Max එකයි ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය වෙයි කියලා හිතන්න පුළුවන්.
iPhone 17 series එක කියන්නේ නිකම්ම නිකම් upgrade එකක් නෙවෙයි. මේක අවුරුදු ගාණකට පස්සේ ඇපල් ගත්තු හොඳම move එකක්. Ultra-slim iPhone 17 Air එකේ ඉඳන් beastly Pro Max එක දක්වා හැම model එකකම unique දෙයක් තියෙනවා.
ලංකාවේ ඇපල් fansලාට නම් ගොඩක් කල් බලාගෙන ඉන්න ඕනේ වෙන්නෙ නැති වෙයි. මේ phones ලංකාවේ market එකට ආවම, හොඳම deals හොයාගන්න, listings compare කරන්න, සහ ඉක්මනටම ඔයාගේ iPhone 17 එක අරගන්න ikman තමයි හොඳම තැන.