ඉලෙක්ට්‍රොනික්ස්

Samsung 5G තවත් සුපිරි දුරකතන Series එකක් මාර්තු මාසයේ වෙළඳපලට

Samsung සමාගම එයාලගේ පෙරළිකාර S24 මාදිලය එළිදක්වලා වැඩිකාලයක් යන්න කලින් ඔන්න තවත් පෙරළිකාර දුරකතනයක් ඉදිරි මාසයේදී එළිදක්වන්න සුදානමින් ඉන්නවා කියලා ikman අපිට වාර්තා වුණා.හැමදාමත් වගේ එළිදක්වන අතිනවීන දුරකතන ගැන තොරතුරු ඒ් දුරකතනය එළිදක්වන්න කලින් අරගෙන එන අපි මේ පාරත් Samsung සමාගමේ මේ පෙරළිකාර දුරකතනය ගැන ඔයාලව දැනුවත් කරන්න හිතුනා.

ලංකාවේ වගෙම ලෝකයෙත් අතිශය ජනප්‍රිය Samsung මාදිලියක් ලෙස Samsung A Series එක හදුන්වන්න පුලුවන්.පසුගිය වසරේ මාර්තු මාසයේ Samsung A54 දුරකතන මාදිලිය ඔවුන් වෙළඳපලට නිකුත්කරනු ලැබුවා.ඒ අනුව Samsung සමාගම සෑම වසරකම මාර්තු මාසයේ තමයි A series එකට ආදාළ සිය නිෂ්පාදන එළිදක්වනු ලබන්නේ.A Series දුරකතන  සමාන්‍යයෙන් හදුන්වන්නේ mid-range smartphone විදිහටයි.ඒ කියන්නේ අතේ ඇති මුදලට ඕනෑම කෙනෙකුට මිලදී ගන්න පුලුවන් මිලකටයි ඔවන් මේ මාදිලියේ දුරකතන නිෂ්පාදනය කරනු ලබන්නේ.ඒ් අනුව එළඹෙන මාර්තු මාසයේ Samsung සමාගම A55 5G ජංගම දුරකතනය එළිදක්වන බවයි එම සමාගම නිවේදනය කර තිබෙන්නේ.

Design සහ Display

Sleek aesthetic එකක් සහ minimal camera bump එකක් සහිත Samsung A55 දුරකතන මාදිලිය Samsung premium model එකක පෙනුමට නිර්මාණය කරලා තියෙනවා.Awesome Lilac සහ Awesome Blue වැනි විචිත්‍රවත් වර්ණ වලින් දුරකතනය නිමවා ඇති බවයි වාර්තා වෙන්නේ.Samsung A54 මාදිලියට සමාන display එකක් මේ samsung A55 දුරකතයෙත් අපිට බලාගන්න පුලුවන්.කළු සහ විචිත්‍ර වර්ණ සඳහා ප්‍රසිද්ධ වූ අලංකාර සුපිරි AMOLED පැනලයකින් එය නිමකොට  තිබෙනවා.Scrolling සහ browsing වලදී ඔබට smooth බවක් දැනෙනු ඇත.

Samsung A55 දුරකතන මාදිලිය Flat Edges වලින් Metal Frame එකකින් සමන්විත වන අතර Side Buttons “Key Island” නමින් කුඩා bump එකක් සහිතව නිර්මාණය වනු ඇත.තවද Wi-Fi 6 පහසුකමද වසර 5ක Security Coverage ඒක හිමිවන මෙම Samsung A55 මාදිලියට වසර 4ක Android version Support එකත් හිමිවනු ඇති බවයි විදෙස් වාර්තාවල දැක්‌වෙන්නේ.

Performance: Exynos Advantage

Samsung හි නව Exynos 1480 ප්‍රොසෙසරයේ මෙහි ඇත. ග්‍රැෆික්ස් සඳහා AMD සමඟ  සැලකිය යුතු කාර්ය සාධනයක් ලබා දෙයි ඒ අනුව Samsung A55 දුරකතන මාදිලිය දෛනික වැඩවලට වගෙම game පිස්සොන්නට ඉතා හොඳ දුරකතනයක් වන බවයි තාක්ෂණික විශේෂඥයෝ පවසන්නේ

Camera

ප්‍රබල කැමරා වෙනස්වීම් අපේක්ෂා කරන්න බැරිවුනත්, 50MP primary sensor මඟින් triple-lens සැකසුම සහිතව මෙය නිෂ්පාදනය වනවා. Samsung හි රූප සැකසීම කෙරෙහි අවධානය යොමු කිරීම යන්නෙන් අදහස් වන්නේ, නව දෘඪාංග නොමැතිව වුවද, A55 හට ඡායාරූප සහ වීඩියෝ ග්‍රහණය වැඩි දියුණු කළ හැකි බවයි, විශේෂයෙන්ම අඩු ආලෝකයේ අවස්ථා වලදී පව ඒය බෙහෙවින් ප්‍රයෝජනය වන පරිදි මෙහි කැමරාව සකස් කර තිබෙනවා.

එළඹෙන මාර්තු තෙවන සතියේ එනම් 19-27 ත් අතර දිනයක Samsung A55 දුරකතන මාදිලිය වෙළඳපලට නිකුත් කරන අතර එය ඇමරිකානු ඩොලර් 500ක මුදලකට මිලදී ගැනීමට හැකිවනු ඇත.
එය ලංකාවේ වෙළඳපලට නිකුත් වු පසු ikman හරහාද ඔබට එය මිලදී ගැනීමේ අවස්ථාව උදාවනවා.නිරන්තරයෙන් ikman අපි සමඟ රැඳිසිටින්න!

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close