ඉලෙක්ට්‍රොනික්ස්

2024 අලුතින්ම එළිදකින Samsung වැඩකාරයා මෙන්න – Samsung Galaxy S24

Samsung සමාගම සිය මීලග පෙරළිකාර දුරකතනය තව මාස 2කින් එළිදක්වන්න මේවන විට  සියලු කටයුතු සුදානම්.පසුගිය සැප්තැම්බර් මාසයේ  නිකුත් වුණTitanium iPhone 15 Pro Max හි තරඟකාරී දුරකරතනය ලෙසයි Galaxy S24 Ultra Samsung සමාගම නිකුත් කිරීමට තීරණය කර තිබෙන්නේ.මීට අමතරව Galaxy S24, Galaxy S24 Plus යන මාදිලි ද නිකුත් වනු ඇත.Galaxy S series එකේ සුවිශේෂී evolution එකක් විදිහටයි බොහෝ දෙනා Galaxy S24 Ultra හඳුන්වන්නේ.

Samsung Galaxy S24 Design

Samsung Galaxy S24 මාදිලි තුනේ එහි පෙළගැස්ම නොවෙනස්ව පවතින අතර Galaxy S24 අඟල් 6.1ද Galaxy S24 Plus අඟල් 6.4 කින් සහ Galaxy S24 Ultra අඟල් 6.8ක් වනු ඇති බවට අනුමාන කරනවා. මෙය Samsung Galaxy S23 සමාන ප්‍රමාණයන් වේ.

Samsung Galaxy S24 Display

LPTO display වලින් Galaxy S24 සියලුම මාදිලි යුක්ත වේ.මීට අමතරව AMOLED Panel සහ 120Hz max refresh rate එකකින් සමන්විතයි. Samsung Galaxy S24 Ultra හි ඇඳහිය නොහැකි තරම් එනම් nits 2800ක් තරම් ඉහළ දීප්තීමත් තිරයකින්ද,Galaxy S24 Plus nits 2500ක් දීප්තීමත් තිරයකින්ද  යුක්ත වේ.

Samsung  Galaxy S24 Camera

Galaxy S23 සහ Galaxy S23 Plus සඳහා තිබු 50MP Camera නොවෙනස්ව Galaxy S24 සහ Galaxy S24 Plus සඳහාද ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.නමුත් Samsung Galaxy S24 Ultra ඉතා සුවිශේෂී වෙනස්කම් රැසක් සමඟින් එය වෙළඳපලට නිකුත් වීමට සුදානම් බවයි Forbes සඟරාව සඳහන් කළේ.

Samsung Galaxy S24 Ultraහි:

Wide Camera: 200MP

Ultra-wide Camera: 12MP

Tele Photo: 10MP, 3X

Tele Photo: 50MP, 5X

Samsung  Galaxy S24 Release Date

මීට අමතරව නිකුත් වීමට නියමිත Galaxy S24 මාදිලිය සඳහා  Real Time Call Translate විශේෂාංගය හඳුන්වා දීමට නියමිත බවද වාර්තා වේ.මෙම විශේෂාංගය හරහා එම උපාංගයේ ඇමතුම් වල දත්ත කිසිම විටකත් ඔවුන්ගේ serves වෙත upload වීම සිදුනොවේ. මෙම Real Time Call Translate පහසුකම හරහා Audio සහ Text යන ආකාර දෙකෙන්ම Translate ලබාගත හැකි වනවා

Samsung  Galaxy S24 Pre-Orders

මේ අතර නිකුත් වීමට නියමිත Samsung Galaxy S24 series එක එළිදක්වන දිනය බොහෝදුරට 2024 ජනවාරි17 වනු ඇතැයි The Elec  වෙබ් අඩවිය පවසනවා. Samsung Galaxy S24,Samsung Galaxy S24 Plus සහ Galaxy S24 Ultra යන මාදිලි තුනම පෙර ඇණවුම්ද (pre-orders) එදින සිටම ආරම්භ වන බවට වාර්තාවන අතර ජනවාරි 30වනදා සිට වෙළඳපලින් Samsung Galaxy S24 මාදිලි තුනම ඔබට මිලදී ගැනීමේ හැකියාව උදාවනවා.

Mobile Phones in ColomboMobile Phones in Matara
Mobile Phones in GampahaMobile Phones in Kandy
Mobile Phones in GalleMobile Phones in Kalutara
Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close