Laptop පරිගණක කාලයත් සමඟ නිසැකවම අපගේ ජීවිත පහසු කර ඇත.  Laptops වලට අපට අතින් කළ හැකි ප්‍රමාණයට වඩා වැඩි ඵලදායීතාවයකින් සහ නිරවද්‍යතාවයකින්, කෙටි කාලයක් තුළ බොහෝ දේ ඉටු කළ හැක.  දුරස්ථව වැඩ කිරීම, ඉගෙනීම සහ වීඩියෝ ගේම්ස් හේතුවෙන් laptops සඳහාවන ඉල්ලුම වැඩිවී ඇති අතර, පසුගිය වසර කිහිපය පුරාවටම ලැප්ටොප් අලෙවිය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

වඩා හොඳ අන්තර්ජාල යටිතල පහසුකම් ව්‍යාප්ත වීම හේතුවෙන්ද ලොව පුරා laptop පාරිභෝගික ඉල්ලුම (විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ) වැඩිවී ඇත. 2020 දී සිදු කරන ලද අධ්‍යයනයක දී, ශ්‍රී ලංකාවේ කුටුම්භවලින් 22.2%ක අවම වශයෙන් එක් පරිගණකයක්වත් තිබී ඇත. මෙය පෙන්නුම් කරන්නේ සෑම නිවාස පහකින්ම එකකට ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයක් තිබී ඇති බවයි.

ශ්‍රී ලංකාවේ laptop භාවිත කරන්නන් සඳහා පහසු පොදු මිල පරාසය කුමක්ද?

Laptops by Price Range
Laptops by Price Range

ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් නිසා අපගෙන් බොහෝ දෙනෙක් මධ්‍යම ආදායම් කාණ්ඩයට අයත් වේ.  එබැවින් බොහෝ laptops මිල ගණන් මධ්‍යම පරාසයේ ඇත.

ඉහත ikman දත්ත වලට අනුව, රු. 50,000 ට අඩු ලැප්ටොප් පරිගණක ikman හි දැන්වීම් වලින් 16% ක ප්‍රමාණයක් ගනී. වැඩිම දැන්වීම් සංඛ්‍යාවක්, එනම් 32% ක්, රු. 50,000 සිට 100,000 දක්වා මිල කාණ්ඩයේ දැකිය හැකිය.

ඉන්පසුව රු. 100,000 ත් 150,000 ත් අතර මිල පරාසයක ඇති laptops ikman හි laptop ads වලින් 22% ක් පමණ ඇත. රු. 200,000 ට වඩා ඉහළ මිලක් සහිත ඉහළ තත්වයේ ලැප්ටොප්  පරිගණක 18% ක අගයක් ගන්නා අතර Apple Mac, gaming laptops සහ තවත් ඒවා ඊට ඇතුළත් වේ.

සටහන: මෙම සංඛ්‍යාලේඛනයට භාවිතා කරන ලද සහ නවතම ලැප්ටොප් ads යන දෙකම ඇතුළත් වේ.

නව සහ පාවිච්චි කරන ලද laptops: වඩා ජනප්‍රිය මොනවාද?

Laptops by Condition
Laptops by Condition

Mobile phone market එකට සමාන ප්‍රවණතාවයක් මෙම market එක තුළද දැකිය හැකිය. second hand laptop ads 68% ක ප්‍රමාණයක් සමඟින් දැන්වීම් අවකාශයේ වැඩි කොටසක් ලබා ගනී.

ආර්ථික අර්බුදයෙන් පසු නව ලැප්ටොප් පරිගණකවල මිල ඉහළ ගොස් ඇත. එපමණක් නොව, ආනයන සීමා කිරීම් ඉල්ලුම වැඩිවීමට හේතු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ලැප්ටොප් පරිගණකවල

තවත් මිල ඉහළ ගියේය.  පරිගණකවල අපගේ දත්ත වලට අනුව, නවතම ලැප්ටොප් සඳහා දැන්වීම් ikman හි මුළු ලැප්ටොප් වෙළඳ දැන්වීම් වලින් 32% ක් ගනී.

ikman හි laptop ads: සාමාජිකයින් සහ සාමාජිකයන් නොවන අය

 

Laptops by Membership Status
Laptops by Membership Status

ikman හි සියලුම ලැප්ටොප් දැන්වීම්වලින් 45% කට වඩා දැන්වීම් සාමාජිකයින් විසින් පළ කරන අතර, සාමාජික නොවන දැන්වීම් 10% වැඩි වේ.

Ikman හි සාමාජිකත්වය සියලු වර්ගවල ව්‍යාපාරවලට සහාය වෙයි. කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර මෙයට ඇතුළත් වන අතර ඒ හරහා ඔවුන්ට දියුණු විය හැකිය. ikman සාමාජිකත්වය මඟින්, හොඳ ගනුදෙනු ලබා ගැනීමට සහ සුදුසුකම් ලත් ගනුදෙනුකරුවන් සොයා ගැනීමට ඇති අවස්ථාව ඉහළ ය.

නගරය අනුව laptop ads

Laptops by Location
Laptops by Location

ikman හි දැන්වීම් වලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් කොළඹ තුළ පළකරනු ලබයි. (සියලු දැන්වීම් වලින් 53% ක්).

ඊට අමතරව, ඉතිරි වෙළඳ දැන්වීම් 47% රට පුරා දිස්වන බව අපට නිරීක්ෂණය කළ හැකිය. තනි තනිව අනෙකුත් නගරවල දැන්වීම් සංඛ්‍යාව අඩු නමුත් ඒවාට මහනුවර, කළුතර, ගාල්ල සහ කුරුණෑගල ඇතුළත් වේ.

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය laptop සහ notebook වෙළඳ නාම

Laptops by Brand
Laptops by Brand

ikman සංඛ්‍යාලේඛනවලට අනුව ලැප්ටොප් වෙළඳ දැන්වීම් වලින් 27% HP සඳහා වන අතර එය වෙළඳ නාමය අනුව වැඩිම දැන්වීම් සංඛ්‍යාවක් වේ. 

26%, 13%, 9% සහ 7% යන ප්‍රතිශතයන් පිළිවෙලින් Dell, Lenovo, Acer සහ Apple යන ලැප්ටොප් සන්නාම සඳහා වන දැන්වීම් වේ.  ikman හි ලැප්ටොප් දැන්වීම් අවකාශය තුළ කරන වෙනත් විවිධ වෙළඳ නාම ඇති අතර, ඒවා  18% ක් පමණ වේ.


Browse latest ads:
Brand New HP Core 5 8GB 512SSD 15.6 inch Laptop
Gampaha, Laptop / Netbook
Rs 78,000
Asus Tuf A16 Ryzen 7 +RTX 5070 8GB +16GB DDR5 NEW Gaming Laptop]''
Colombo, Laptop / Netbook
Rs 541,999
Asus Chromebook Laptop
Colombo, Laptop / Netbook
Rs 10,900
Dell i3 11th Gen Laptop
Gampaha, Laptop / Netbook
Rs 50,000
Brandnew AMD Ryzen 5 7520U 8GB DDR5 Ram 512GB NVMe SSD Laptop
Colombo, Laptop / Netbook
Rs 194,500
View all 11731 ads..

Laptops in ColomboLaptops in Matara
Laptops in GampahaLaptops in Kandy
Laptops in GalleLaptops in Kalutara
t