ඉලෙක්ට්‍රොනික්ස්

Google පවුලේ තවත් සුවිශේෂී Smartphone එකක් වෙළඳපලට නිකුත් කෙරේ

Smartphone වෙළඳපොළ දැඩි ලෙස තරඟකාරී වන අතර නව මාදිලි අඛණ්ඩව තාක්ෂණයේ නව යාවත්කිරීම් සමඟම වෙළඳපලට නිකුත් වන කාලයක් විදිහට හඳුන්වන්න පුලුවන්. එම තරඟකාරී බව තවත් ත්‍රීවකරමින්, Google හි Pixel grade එකේ තවත් ඔවුන්ගේ උසස් මෘදුකාංග අත්දැකීම් සහ විශිෂ්ට කැමරා උපාංග සහිතව Google Pixel පවුලට නවතම එකතු කිරීම, Google Pixel 8a ලෙස ඔවනු පසුගිය 7වන දා වෙළඳපලට හඳුන්වාදෙනු ලැබුවා. Pixel 8a හි features කිහිපයක් ගැනයි ikman blog තුළින් මේ දැනුවත් කිරීම.

Google Pixel 8aහි display එක අඟල් 6.1 FHD+OLED display එකක් වන අතර එයට 2000 Nits brightness level එකක් ලබා දී තිබෙනවා.Google Pixel 8a smartphone එක මේ වනවිට වෙළඳපලට නිකුත් කරමින් පවතින අතර එහි 128GB මාදිලියේ දුරකතනයක් ඇමරිකානු ඩොලර් 450-500ත් අතර මිලකට සහ 256GB මාදිලියේ දුරකතනයක් ඇමරිකානු ඩොලර් 550-600ත් අතරේ මිලකටත් ඉදිරියේදී මිලදී ගැනීමමේ හැකියාව පවතින බවයි ඔවුන් පවසන්නේ.

බොහෝදෙනා පවසන්නේ Google Pixel 8aහි design එක මීට පෙර නිකුත් කල Pixel 8, Pixel 8 pro වලට සමාන බවයි.Under display fingerprint reader feature එක මෙම දුරකතනයටද ලබා දී තිබෙනවා. Google Pixel 8a ස්මාර්ට්ෆොන් එක Aloe(green), Bay(blue), Obsidian(black), සහ Porcelain(white/grayish) වර්ණ වලින් මිලදී ගැනීමේ හැකියාව සතුවනවා.

Tensor G3 chipset මෙම දුරකතනයට යොදාගෙන තිබෙනවා.ඊට අමතරව 5G සමඟ wifi 6E, Bluetooth 5.3 යන පහසුකම්වලින්ද Google Pixel 8a සමන්විත වනවා. Dual Camera setup එකක් pixel 8a සඳහාද ලබා දී තිබෙනවා.

ඉදිරියේදී තරඟකාරී සමාගම් නව තාක්ෂණය මුසුකොට නව යාවත්කිරීම් සමඟින් නව ජංගම දුරකතන ඉදිරියේදී එළිදක්වන සියලු තතු ikman blog හරහා ඔබව දැනුම්වත් කරන්න අපි සුදානම්.මේ වන විට ලංකාවේ market එකේ තියෙන ඔබට අවශ්‍ය ජංගම දුරකතනයක් මිලදී ගන්න ikman අපේ වෙබ්අඩවියට පිවිසෙන්න.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close