රැකියා සහ සේවා

Internship එකක් ලේසියෙන්ම හොයාගන්න  මාර්ගෝපදේශ කිහිපයක් මෙන්න

A/L හෝ උපාධියක්  හදාරමින් හෝ හදාරා අවසන් කෙනෙක් රැකියාවට අත්පොත් තියෙන තැන තමයි Internship කියලා කියන්නේ. Internship level එකෙන් ඔබේ වෘත්තීය ජිවිතය ආරම්භ කරලා ඔබට ඉහළම කළමණාකාරීත්වයට පවා යෑමේ හැකියාව පවතිනවා.Internship කියන්නේ එක්තරා විදියකට ඔබේ skill එක හොඳට පෙන්නන්න ලැබෙන අවස්ථාව වගෙම මේ හරහා ඔබට valuable experience, network  opportunities හිමිවනවා. තමන්ටම හරියන internship එකක් හොයාගන්නේ කොහොමද කියන එකට මාර්ගෝපදේශයක් සපයන්නයි.

රැකියා වෙළඳපල අවබෝධකරගන්න

ඔබේ ආසාවන් සහ කුසලතා අදුරගන්න:

ඔබේ වෘත්තීය ඉලක්ක සමඟ ගැලපෙන job internships මොනවද කියලා ඉස්සෙල්ලාම ඔබ හරිහැටි අවබෝධ කරගන්න.ඔබේ අසාවන්,කුසලතා තක්සේරු කරගෙනම ඔබේ ක්ෂේත්‍රයේ internship එකක් තෝරගන්න

විවිධ industry සහ  trends හැකි සෑම විටම ගවේෂණය කරන්න:

වර්තමාන රැකියා වෙළඳපලට කාලෝචිත ක්ෂේත්‍රයක්ද එසේනම් ඔවුන්ගේ වර්ධනය වගෙම current trends සහ රැකියා අවස්ථා ගැන නිවැරදි අවබෝධයක් ලබා ගන්න. ඒ ඒ ක්ෂේත්‍රයේ වෘත්තීකයන් සමඟ සම්බන්ධතා ජාලය ගොඩනඟන්න

බොහෝමයක් තරුණ පිරිස සමාජ මාධ්‍ය විදිහට ෆෙස්බුක් සහ ඉන්සටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය බහුලව භාවිත කරනවා.නමුත් තමන්ගේ වෘත්තීමය ජිවිතයට සැහෙන්න ප්‍රයෝජනවත් LinkedIn ගැන බොහෝ තරුණ අය නොදන්නා තරම්.LinkedIn හරහා ඔබට දැනුම ලබා ගැනීමේ හැකියාවත් පවතිනවා.ඊට අමතරව ඔබට ඒ ඒ ක්ෂේත්‍රවල වෘත්කියන් සමග සම්බන්ධතා ගොඩනගා ගන්න පුලුවන්.

ඔබේ Personal Brand එක නිර්මාණය කිරීම

CV සහ LinkedIn update  කරන්න:

ඔබ අධ්‍යාපනික කුසලතා හැකියා ජයග්‍රහණය නිරන්තරයෙන් ඉස්මතු කරමින් ඔබේ ජිවදත්ත පත්‍රිකාව සහ LinkedIn profile එක යාවත්කාලීන කරගන්න.

Online Job Sites වලට දිනපතා පිවිසෙන්න

අද ලෝකයෙම ඩිජිටල්කරණය වීමත් එක්ක රැකියා අවස්ථා පවා බොහෝ ආයතන අන්තර්ජාල හරහා සිය vacancies නිවේදනය කරනවා.ඒ නිසා ඔබට හරියන ඔබේ ක්ෂේත්‍රයේ ඔබට හරියනම job දැන්වීම් බලන්න සහ අයදුම්කරන්න ikman jobs ඔබට පහසුවෙන් අවස්ථාව හදලා දීලා තියෙනවා.School leaversලට සහ උපාධිදාරීන්ට පවා ikman jobs සමඟ රැඳසිටිමෙන් ඔවුන්ගේ රැකියා අවස්ථා දැන්වීම් publish කරන විශිෂ්ඨ සමාගම් සමඟ එකතු වීමේ අවස්ථාව උදාවනවා.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close