ikman

TIN ලියාපදිංචිය: වයස අවුරුදු 18ට වැඩිනම් TIN එක ලේසියෙන්ම ගන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය වයස අවුරුදු 18 හෝ ඊට වැඩි සියලු දෙනා සඳහා නව අවශ්‍යතාවයක් සමඟ යාවත්කාලීන කර ඇත. නේවාසික පුද්ගලයින්ගේ ලියාපදිංචිය සඳහා දේශීය ආදායම් පනතේ 102 වගන්තිය යටතේ ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බඳු ගෙවන්නන් හදුනාගැනීම සඳහා Tax Identification Number හෙවත් TIN හදුන්වා දී හඳුන්වා දී ඇත. මෙම බ්ලොගය තුළින්,  TIN ලබා ගැනීමට තනියම සහ පහසුවෙන් ලියාපදිංචි විය යුත්තේ කෙසේද යන්න සරලව සහ පැහැදිලිව කිරීම සිදු කරනවා.

TIN අංකය අවශ්‍ය වන්නේ ඇයි?

TIN බැංකු ගිණුමක් විවෘත කිරීමේදී, වාහනයක් ලියාපදිංචි කිරීමේදී,ඉඩමක් මිලදී ගැනීමේදී,‌ගොඩනැගිලි සැලසුම්  අනුමත කිරීම ආදී අවස්ථාවන් වලදී බඳු ගෙවන්නන් හදුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය අත්‍යවශය වන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ.

TIN අංකය Online ලබා ගැනීම

පළමුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ මෙම වෙබ් පිටුව වෙත පැමිණිය යුතු වනවා.

පළමුව Taxpayer Registration Details හි ඇති Registration type කොටසය Individual Local ලෙස තේරීමෙන් පසු එය ඉදිරි පිටුව සඳහා ස්වයංක්‍රීයව යනු ඇත.මෙය පිරවීමේදී අමතර ලිපි කිහිපයක් අවශ්‍ය වන අතර ඒවා සුදානම් කරගෙන මෙය පිරවීම ආරම්භ කළ යුතුය.

ඉහත රූප වල දැක්වෙන රතු පාටින් දිස්වන “*” කොටස් පිරවීම ආනිවාර්ය විය යුතුය. Contact Details සහ ඔබේ Email ලිපිනය නිවැරදිව ඇතුළත් කරන්න.

අයදුම්පත පිරවීමේදී බැංකු ගිණුම් වල තොරතුරු (Bank Information) ලබා දීම අත්‍යවශයම නොවේ.

ඔබ විවාහක නම් Family Information යටතේ ඔබේ තොරතුරු ඇතුළත් කර එය සම්පුර්ණ කිරීම සිදුකල යුතුය.ඔබ සිදුකරන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක් නම් ආනිවාර්යෙන් ඔබ Individual Business යටතේ  ඔබට හිමි ව්‍යාපාරයේ තොරතුරු නිවැරදිව ඇතුළත් කිරීම සිදුකරන්න.

ඉහත දක්වා ඇති Supporting Documents ලෙස ඇති කොටස සඳහා ඉහත කී ආකාරයටම  Documents ඡයාරූප ලෙස හෝ scan කර Document විදිහට upload කිරීම සිදු කරන්න.ඒ සඳහා අවශ්‍ය වන ලියකියවිලි වන්නේ,

1. ජාතික හැඳුනුම්පත / වලංගු රියදුරු බලපත්‍රය හෝ වැඩිහිටි හැඳුනුම්පත

2. ඔබගේ ස්ථීර ලිපිනය ජාතික හැඳුනුම්පතේ සඳහන් ලිපිනය හා නොගැළපෙ නම් එය තහවුරු කිරීමට ඔබේ නමට නිකුත් කල ජල,විදුලි බිල්පතක් හෝ ග්‍රාම සේවක සහතිකයක්

3. ලියාපදිංචිය සහිත තනි පුද්ගල ව්‍යාපාරයක් හිමි අයෙක් නම් ඒම ලියාපදිංචි සහතිකය එම documents අතරට අයත් වේ.

Purpose of Registration ලෙසින් ඇති කොටසට Tax Purpose ලෙස ලබා දී Next කල විට ඔබ ඇතුළත් කල තොරතුරු නිවැරදි දැයි පරීක්ෂා කිරීමට ඔබට අවස්ථාව හිමි වේ.

තොරතුරු නිවැරදි නම් එම නැවත පරීක්ෂාවට පැමිණෙන පිටුවේ ඇති Declaration යන කොටස සම්පුර්ණ කර submit කල පසු ඔබට ලැබෙන Acknowledgement sheet එක, TIN certificate එක ඔබට විද්‍යුත් තැපැල හරහා ඒනම් email එකකින් ලැබෙන තුරු සුරක්ෂිතව Save කර තබා ගන්න. (Print යන කොටස  click කළ පසු එය pdf එකක් ලෙස ඔබේ පරිගණකයට save කර ගත හැකිය) 

දෛනික කාර්යාල දින තුනක් හෝ සතියක් ඇතුළත ඔබට හිමි ඔබේ TIN certificate එක සහ PIN එක email එකක් හරහා ඔබට ලබා දීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇත.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close