සුරතල් සතුන් සහ සතුන්

Pomeranian සුනඛයින් ගැන ඔබ දැනගත යුතු දේ

Pomeranian කියලා කියන්නේ ආදරය වැඩියෙන් දක්වන්න හිතෙන හුරුබුහුටි සුනඛ වර්ගයක්. සුනඛයින්ට ආදරය කරන ගොඩක් අය  Pomeranian වර්ගයේ සුනඛයෙක් මිලදී ගන්න උත්සහ කරනවත් ඇති. ඔවුන් සාමාන්‍යයෙන් අඟල් 10-11 පමණ උසට වැඩෙන අතර බර කිලෝග්‍රෑම් 1.9-3.5ක් පමණ වේ. 

Pomeranian සුනඛයන් පිළිබඳ සිත්ගන්නා කරුණක් නම් ඔවුන් වික්ටෝරියා රැජින පවා ආදරය කරන ලද ඇයගේ ප්‍රියතම සුනඛ වර්ගයයි.  මෙම සුනඛයන් සාමාන්‍යයෙන් ඔවුන් කුඩා බව නොතේරෙන අතර සෑම විටම අනෙකුත් විශාල සුනඛයින් සමඟ කටයුතු කිරීමට උත්සාහ කරයි. ඔවුන් සෑම විටම මිත්‍රශිලීය. ඔවුන්ගේ ලෝම coat එක  විවිධ වර්ණයන්ගෙන් කළු, සුදු, රතු සිට දුඹුරු දක්වා වෙනස් වේ.

Pomeranian breed කුඩාම breed එක විදිහට සැලකෙන්නේ Teacup Pomeranian breed එකයි. Pomeranian සුනඛයින්ට  දිනපතා ව්‍යායාම අවශ්‍ය වේ, නැතහොත් ඔවුන් අසනීප විය හැකිය. ඔවුන්ගේ ක්‍රියාශිලී බව කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඔවුන් ගැන ඔබ දැනගත යුතු කරුණු කිහිපයක් මෙන්න.

Pomeranians හුරුබුහුටි වගෙම බුද්ධිමත් සුනඛයෙක්

ඔවුන් ව ආදරයෙන් රැකබලාගන්නා පවුලේ සගයන්ට  බෙහෙවින් පක්ෂපාතී ය. ඔබ Pomeranian සුනඛයෙකු රැකබලා ගන්නා විට, ඔවුන් ගැන නිතරම සෝදිසියෙන් සිටින බව අඟවන්න. ඔවුන් ඉතා නිරීක්ෂණය කරන අතර සමහර විට බුරමින් ඊට ප්‍රතිචාර දක්වනවා. ඔවුන් දක්වන කීකරුකමද ඉතා විශිෂ්ටයි. විශේෂයෙන් දරුවන් සිටින පවුල් සඳහා, Pomeranian හොඳ තේරීමක් විය හැකිය.

සෞඛ්‍ය ගැටලු අඩු සුනඛ breed එකකි

Pomeranians ක්‍රියාශීලී හා ප්‍රීතිමත් ය. ඔවුන් බොහෝ විට එකම තැන වටේ දුවන අතර ඔවුන්ගේ ක්‍රියාකාරකම් බලා සිටීම හරිම විනෝදජනක අතර කාලය වැය වීම නොදැනේ . ඔවුන් සොයා ගන්නා ඕනෑම වස්තුවක් හෝ පුද්ගලයෙකු සමඟ සෙල්ලම් කිරීමට නැඹුරු වන බැවින්, ළමයින් ඔවුන්ට වඩාත් ආදරය කරයි. ඔවුන් ක්‍රියාශීලීව සිටීමෙන් ප්‍රමාණවත් ව්‍යායාමයක් ලබා ගන්නා බැවින් තරබාරුකම ගැටලුවක් නොවනු ඇත. ඒනිසා ලෙඩ වලට පහසුවෙන් ග්‍රහණය නොවේ.ඔබ නිතිපතා හැඩගැන්වීම් කරන්නේ නම්, ඔවුන්ට වෙනත් රෝග ද පහසුවෙන් වැළඳෙන්නේ නැත. Pomeranians සුනඛයින්ට පැටවුන් අවදියේ වැඩි අවධානයක් ලබා දෙමින් අමතර සැලකිල්ලක් දැක්විය යුතුය.

සුනඛයින්ට ආදරය කරන අයට හොඳ තේරීමක්

ඔබ Pomeranian සුනඛයෙක් ලබා ගත යුත්තේ ඔවුන් සෑම කෙනෙකුටම සුදුසු බැවිනි. වෙනත් සුනඛයන් මෙන් ඔවුන් මිනිසුන් මත රඳා නොපවතී, එබැවින් ඒවා නඩත්තු කිරීම සහ හැසිරවීම පහසුය.  එසේම, කුඩා මහල් නිවාසවල ජීවත් වන අයටද, Pomeranian වඩාත් සුදුසු තේරීමක් වන්නේ ඔවුන්ට විශාල ඉඩක් අවශ්‍ය නොවන බැවිනි. කෙසේ වෙතත්, ඔබට ඉතා කුඩා දරුවන් සිටී නම්, ඔවුන් මෙම සුනඛයින්ට අහම්බෙන් තුවාල කළ හැකි බැවින් තරමක් ප්‍රවේශම් වන්න.

තවද Pomeranian සුනඛයෙක් ඇති කිරීමට ඔබට විශාල මුදලක් වැය නොවේ. Teacup Pomeranian ඇතුළු ඔබට ලබා ගත හැකි Pomeranian වර්ග කිහිපයක් තිබේ. ඔබ ikman හි සුරතල් සතුන් අංශයට පිවිසෙන්නේ නම්, ඔබට පහසුම ඔබගේ සුරතලාව ලබා ගැනීමේ හැකියාව පවතී. සුරතල් සතුන් පිළිබඳ දැන්වීම් 11,000කට වඩා බ්‍රවුස් කිරීමට සහ ඔබේ පරමාදර්ශී සුරතලා සොයා ගැනීමට අදම ikman සුරතල් සතුන් වෙත පිවිසෙන්න!

Pomeranians for sale in ColomboPomeranians for sale in Matara
Pomeranians for sale in GampahaPomeranians for sale in Kandy
Pomeranians for sale in GallePomeranians for sale in Kalutara
Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close