ikman එකෙන් අලුත් දෙයක්! දැන් WhatsApp හරහා විකුණුම්කරුවන් සම්බන්ධ කරගන්න!

ikman එකේ අපේ එකම අරමුණ තමයි බඩු ගන්න එකයි, විකුණන එකයි හැමෝටම වැඩි වේගයකින්, ලේසියෙන්, සහ සාර්ථකව කරන්න පුළුවන් කරන එක. ඒක නිසා අපි අලුත්ම විශේෂාංගයක් අරගෙන ආවා – දැන් ඔයාලට කෙලින්ම WhatsApp හරහා විකුණුම්කරුවන් සම්බන්ධ කරගන්න පුළුවන්!
වාහනයක්, ෆෝන් එකක්, ඉඩමක්, හරි සේවාවක් වුණත්, මේ විශේෂාංගය හැම දැන්වීමකටම අදාළයි. ඔයා buyer කෙනෙක් නම් ඉක්මන් උත්තර හොයන කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් seller කෙනෙක් නම් වැඩි leads ප්‍රමාණයක් බලාපොරොත්තු වෙන කෙනෙක් වෙන්න පුළුවන්. මේ අලුත් WhatsApp feature එකෙන් වේගයෙන් පහසුවෙන් සහ ආරක්ෂිතව ඔබේ විකුණුම් හෝ මිලදී ගැනීම් කරගන්න පුළුවන්.
අලුතින් මොනවද තියෙන්නේ?
දැන් ඉඳන් හැම දැන්වීමකම තියෙන Call සහ Chat option එක්කම WhatsApp button එකකුත් ඔයාලට පෙනේවී. මේ button එක tap කරාම WhatsApp chat එකක් open වෙනවා, ඒකේ කලින්ම මෙහෙම message එකක් type වෙලා තියෙනවා:
“Hello! I’m interested in this ad on ikman Link: {ad link}”
මේ message එකත් එක්කම ad එකේ preview image එකකුත් එන නිසා, buyer කෙනෙක් මොන දැන්වීම ගැනද අහන්නේ කියන එක ගැන කිසිම පැටලිල්ලක් ඇති වෙන්නේ නැහැ.
විකුණුම්කරුවන්ට මොනවගේ වාසියක්ද මේ අවස්ථාව?
ඔයා product එකක් ගැන interested නම් ඉක්මන් replies ගන්න එක කොච්චර වැදගත්ද කියලා අපි දන්නවා. WhatsApp එකෙන් ඔයාට කෙලින්ම conversation එකක් පටන් ගන්න පුළුවන් – ප්‍රශ්න අහන්න, negotiate කරන්න, සහ වැඩි විස්තර ක්ෂණිකව ගන්න පුළුවන්.
විකුණුම්කරුවන් එක්ක real-time communication
App මාරු කරන්න ඕනේ නැහැ – tap කරලා chat කරන්න විතරයි තියෙන්නේ
ඔයාගේ buying conversations ලේසියෙන් track කරගන්න පුළුවන්
විශේෂයෙන්ම mobile එකෙන් browse කරන අයට මේක ගොඩක් උදව් වෙනවා. ඒකෙන් interest එක purchase එකක් බවට පත් වෙන journey එක වැඩි වේගයකින් සහ පහසුවෙන් සිද්ධ වෙනවා.