Google සමාගම එළිදැක්වු අලුත්ම පෙරළිකාර Smartphone මාදිලිය මෙන්න
ගූගල් සමාගම මෙවරත් සිය නවතම එළිදැක්වීමේදී එනම් පසුගිය 13වනදා පෙරළිකාර දුරකතන මාදිලි 4ක් වෙළඳපලට හදුන්වාදීම සිදුවුණා.එනම් Pixel 9 series ලෙස හදුන්වන මෙම නවතම දුරකතන මාදිලිය Google Pixel 9.
Google Pixel 9 Pro
Google Pixel 9 Pro XL
Google Pixel 9 Fold ලෙස හදුන්වනවා.
Google Pixel 9 Pro XL ,Pixel 9 Pro දුරකතනයෙන් වෙනස් වන්නේ වෙනස්කම් දෙකකින් පමණි.ඒවා නම් Screen diagonal සහ battery capacity මත පමණි. 4Nm Tensor G4 Google Pixel 9 මාදිලියේ chipset එක ලෙස යොදා තිබෙනවා.
මෙම මාදිලියේ CPU Cores 9කින් සමන්විත වන අතර විවිධ unique colors කිහිපයකින් මෙම දුරකතන මාදිලි මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.එම වර්ණ නම්
Obsidian Black
Cloudy White
Hazel Green
Coral Pink
Sky Blue වේ.
Google Pixel 9 දුරකතනය 8GB Ram එකකින් සහ Pixel 9 Pro සහ Pro XL දුරකතන 12GB සහ 16GB ලෙස යුක්ත වේ.
මෙම දුරකතන වල storage ගැන කතා කරන විට Pixel 9 හි 128GB සහ 256GB ලෙසද Pixel 9 pro වල 256GB, 512GB සහ 1TB යන මාදිලි වලින් යුක්ත වනවා.
Google PIxel 9 හි කැමරාව 50MP සහ 50MP ultra-wide කැමරාවකින් සහ Front camera එක 11MP වලින් සමන්විත වනවා. Pixel 9 Pro දුරකතනය තරමක් සුවිශේෂී වන අතර එය කැමරා තුනකින් යුක්ත වේ. Pixel Pro XL දුරකතනය 50MP, 48MP ultra-wide කැමරාවකින් සහ 48MP Telephoto sensor එකකින් Front camera එක නිර්මාණය කර තිබෙනවා.
Google PIxel 9 හි වඩාත් අවධානය දිනාගත් අංගය වන්නේ AI driven functionalities වේ.භාෂා පරිවර්තනයේ සිට උසස් ඡායාරූප සංස්කරණය දක්වා අත්දැකීම් AI තාක්ෂණය හරහා ලබා දෙනවා. ඒ තුළින් Google PIxel 9 දුරකතන මාදිලිය පරිශිලකයන්ට වඩාත් පරිශීලක හිතකාමී ලෙස නිර්මාණය කර තිබෙනවා.
5000mAh බැටරියකින් PIxel 9 සමන්විත වන අතර ඉතා කාර්යක්ෂම සහ වේගවත් ආරෝපණයක් ලබාදෙන අතර මිනිත්තු 30කින් 50% ක් දක්වා charge කිරීමේ හැකියාව පවතිනවා.මෙම දුරකතන මාදිලි වල IP68 water සහ dust resistence පහසුකම, Face Unlock, In-display Finger Print scanner, Dual stereo speakers, Wi-Fi 6, Bluetooth 5.3 සහ NFC පහසුකම ලබා දෙනවා.