සුරතල් සතුන් සහ සතුන්

සුරතලෙකු වශයෙන් කුරුල්ලෙකු ඇතිකරන්න, පළමුවර ගැණුම්කරුවන් සඳහා උපදේශණ.

සුරතලෙකු වශයෙන් කුරුල්ලෙකු ඇතිකරන්න, පළමුවර ගැණුම්කරුවන් සඳහා උපදේශණ.

කුරුල්ලන් යනු බැලීමට සහ ඇසීමට ප‍්‍රියමනාප ලස්සන සත්ව විශේෂයකි. බල්ලන්, පූසන් සහ වෙනත් පුංචි සතුන්ට වඩා නඩත්තු කිරිමේ පහසුව විශ්වාස කරමින්, සමහර මිනිසුන් තම සුරතලා වශයෙන් කුරුල්ලෙක් තබා ගැනිමට කැමැත්තක් දක්වයි. එහෙත් සමහර අවස්ථා වලදී මෙය සත්‍ය වුවත්, කුරුල්ලන් සතුටු වීම, සෞඛ්‍ය සම්පන්නවීම හා ක‍්‍රියාශිලී වීම සඳහා සාමාන්‍ය රුකවරණය හා නඩත්තු කිරිම අවශ්‍ය වෙනවා. සුරතලූන් සේ ඇති කිරිමට හැකි වෙනස් වර්ගයේ කුරුල්ලන් පිළිබඳ පහත දැක්වෙන උපදේශන විසින් විස්තර කර දෙනු ලබන අතර ඔවුන්ව නිසි ආකාරයෙන් රුක බලා ගන්නා හෝඩුවාවන්ද සපයනු ඇත.

සුරතලෙකු වශයෙන් කුරුල්ලෙකු තෝරා ගැනීම.

පළමු වරට කුරුල්ලෙකු සුරතලේට ඇති කිරිම සඳහා තෝරා ගැනීමේදී ඔබ විසින් සැළකිය යුතු කරුණු කිහිපයක් වේ. කොතරම් ඉඩකඩක් කුරුල්ලා වෙනුවෙන් ලබා දීය හැකිද සහ එම නිවසේ ළමුන් ජිවත් වනවාද යන්න. සමහර කුරුල්ලන් සිතා මතාම සමුහ වශයෙන් ජිවත් වේ. එනම් ඔවුන් කාණ්ඩ වශයෙන් ජිවත් වීමට ප‍්‍රිය කරන බවය. මේ කාණ්ඩයට වැටෙන පක්ෂීන් තම අයිතිකරුවා සම`ග ල`ග ඇසුරක් අවශ්‍ය කරන අතර එපමණක් නොව අනෙක් පක්ෂීන් හා ශක්තිමත් සමාගමයක්  පැවැත්වීමද අවශ්‍ය වනවා. එනිසා ගැණුම්කරුවා විසින් පක්ෂීන් දෙදෙනෙකු ගැනිමට පිළිබඳ සැළකිලිමත් විය යුතු වනවා. වෙනුවෙන් සුදානම් ව සිටින්න. නිවසේදී ඇසෙන සමහර වාක්‍ය කණ්ඩ හා ශබ්ද ගිරවුන් වැනි සමහර පක්ෂින් විසින් උපුටා ගනු ලබන අතර ඒ සඳහා ලැහැස්ති වී හිඳින්න. අයිතිකරුවා කැමති හෝ අකමැති වුවද එම ශබ්ද හා වාක්‍ය කණ්ඩ ඔවුන් විසින් නැවත නැවත පුණරුච්චාරණය කරනු ලබනවා.

බටු ගිරව්, රට ගිරව්, ෆින්චිස්, කැනරීස් සහ අප‍්‍රිකානු අ`ඵ ගිරවුන් වැනි සමහර ප‍්‍රචලිත වර්ගයේ පක්ෂීන් සුරතලූන් සේ තබා ගනියි. ගිරව් පවුලේ වන කැනරීස් සහ ෆින්චස් කාළය ගත වීමේදී එතරම් මහන්සියක් සහ කාළයක් සමාන්‍යයෙන්  ඕනෑ නොවේ. ෆින්චිස් වැනි කුඩා වර්ගයේ පක්ෂින් අභ්‍යාසය ලබා ගන්නේ ඉහළට නැගීමෙන් නොව ඉගිළිමෙනි. සමහර කුරුල්ලන් සිටිනවා සගයෙකු සම`ග ජිවත් වීමට කැමති. පොඩි කුරුල්ලන් වුවද තමන්ට කොටසක් වෙන් කර එහි අණසක පතුරවා ගන්නා හෙයින් ඔබ විසින් විශාල කූඩුවක් මිලදී ගත යුතුයි. ඔවුන්ගේ බොහෝම හිතෛෂි පක්ෂියකු වශයෙන් රට ගිරවා සැළකිය හැක. ඔවුන් හුරතල් වීමෙන් හා තුරුලූ වී සිටිමෙන් විනෝදය ලබනවා. ගිරවුන් විශේෂ වර්ගයන්ගෙන් හා ප‍්‍රමාණයන්ගෙන් පවතියි. මැකේ ගිරවුන්, රට ගිරවුන්, අප‍්‍රිකානු අ`ඵ ගිරවුන් කතා කල හැකි විශාල වර්ගයේ ගිරවුන් වන අතර ඔස්ටේ‍්‍රලියානු ගිරව් විශේෂ සහ කොණ්ඩ ගිරවුන් කුඩා ගිරවුන් ගණයට වැටේ. කෙසේ වෙතත් මෙම විශාල ගණයේ පක්ෂීන් හොඳින් රැුක බලා ගැනීම හා නඩත්තු කිරිම අවශ්‍ය වෙනවා.

ඔබේ කුරුල්ලා සඳහා ජිවත්වීමට ඉඩක් ලබා දෙන්න.

බල්ලන්ට තම කූඩුවෙන් පිටතට හිඳීමට කාළයක් අවශ්‍ය වගේම කුරුල්ලන්ටද නිදහසේ පියාඹීමට කාළයක් අවශ්‍ය වේ. කුරුල්ලන් ඇති කරන පුද්ගලයා විසින් ඔහුගේ හෝ ඇයගේ නිවසෙන් කුරුල්ලා එළියට යෑමට නොහැකි ලෙස තබා ගත යුතුය. මෙයින් අදහස් වන්නේ නිවසේ එක් කාමරයක් කුරුල්ලා වෙනුවෙන් වෙන් කර ඇති නම් කූඩුවෙන් පිටිතට පැමිණ ආරක්ෂිතව ඔහුට නිදහසේ පියාඹා යා හැකි බවය.  මු`ඵ කාමරක්ම කුරුල්ලෙකු වෙන්වෙන් වෙන්කිරිම කල නොහැකිි දෙයකි, කුරු`ඵ අයිතිකාරයා විසින් කුරුල්ලා කුඩුවෙන් පිටතට පැමිණි විට හැසිරවීමට වග බලා ගත යුතුවේ. සමහර කුරු`ඵ අයිතිකරුවන් රාත‍්‍රි කාළයේදී හා තමන් නිවසේ නැති අතරතුරේදී කුරුල්ලන් කූඩුවක දමා සිර කර තබන අතර තමන් නිවසේ සිටින විට කුරුල්ලන්ව කූඩුවෙන් පිටත තබා ගනියි. කුරුල්ලා නිවසින් පිටතට නොයා සිටිමට අයිතිකරුවන් විසින් වග බලා ගත යුතුය. බොහෝ සුරතලේට ඇති කරන කුරුල්ලන්ට කැළෑවේදී ආරක්ෂා විමට නොහැකි වේ. යම් තිරයක් හෝ භාදකයක් සෑම ජනේලයකම සවි කර තිබිය යුතු වේ. ජනේලය, තිරය හෝ භාදකය මළ බැඳිමෙන් තොර විය වුතු අතර එය කුරුල්ලන්ට විෂ විය හැක.

ගැණුම්කරු හට ගෙවිය හැකි උපරිම මුදල ගෙවා තමන්ට හැකි විශාල කූඩුවක් මිලදී ගත යුතු වෙනවා. උස අතට විශාල නොවූවද දික් අතට විශාලත්වය ඇති කූඩු වල කුඩා කුරුල්ලන් හොඳින් සිටියි. ගැණූම්කරු විසින් විශේෂ අවධානයක් යොමු කළ යුතු වනවා කූඩුවේ පොලූ දෙකක් අතර ඇති විශාලත්වය ගැන. එය හැකිතාක් කුඩා විය යුතු අතර එවිට කුරුල්ලාටය පැන යා නොහැකිය. නමුදු අනවශ්‍ය තරම් එය කුඩා වුවහොත් කුරුල්ලා විසින් බෙල්ල හිර කර ගැනිමේ අවධානමද තිබිය හැක. ඔබ විසින් මිලදී ගනු ලබන කූඩුව ඉතා හොඳ තත්වයේ ද්‍රව්‍යයන්ගෙන් සැදුම් ලත් එකක් විය යුතුය. සාමන්‍යයෙන් සුදු යකඩින් හෝ යකඩින් නිමකර ඇති කූඩු භාවිතාවට සුදුසු වේ. බාල කම්බි වලින් සහ ප්ලාස්ටික් වලින් නිමවන ලද කූඩු ගැනිමෙන් වළකින්න. එය ආරක්ෂත දොරටුවකින් ද සමන්විත විය යුතුය, විශේෂයෙන්ම විශාල කුරුල්ලන් තබා ඇති විටක. විශාල වර්ගයේ ගිරවුනගේ බුද්ධිමය තත්වය හා ශක්තිය අඩුවෙන් තක්සේරු නොකළ යුතුය.

කුරුල්ලන් සිටගෙන සිටිනා කෝටුව හා සෙල්ලම් බඩු.

කුරුල්ලා වෙනුවෙන් වෙනස් වු සෙල්ලම් බඩු සහ ඔවුනට රැුදී සිටම සඳහා අවශ්‍ය කරන රිටි ඔබ විසින් මිලදී ගත යුතුය. කුරුල්ලා සම්පුර්ණයෙන් හිස් වු කූඩුවක ජිවත් නොවේ. කෙසේ වෙතත් කූඩුව  පුර්ණ වශයෙන් ආවරණය වී තිබිමටද නොහැක. කුරුල්ලාට උගේ අත්තට විහිදා ගැනිම සඳහාත් කෝටුවෙන් කෝටුවට පැන යෑමටත් හෝ පැත්තෙන් පැත්තට යාමට ඉඩ තිබිය යුතුය. වෙනස් වියමන් සහිත කෝටු කැබලි කිහිපයක් ඒ සඳහා තබා තිබිය යුතු වනවා. පිරිසිදු කිරිමේ පහසුව සඳහා කෝටුව කෑම සහ වතුර තබා ඇති ස්ථානයට කිට්ටුවෙන් තබන්න. මානසික උත්තේජනය සඳහා කුරුල්ලන්ට සෙල්ලම් බඩු අවශ්‍ය වේ. වෙනස් වියමන් වලින්, රසයන්ගෙන් සහ පාටින් යුක්ත සෙල්ලම් බඩු සැපයිය යුතුය. විශාල කුරුල්ලන් තම දෙපයින් හා හොටින් හැසිරවීමට කැමති අතර බොහෝ කුරුල්ලන කැමති හැපීමටය. සමහර පොඩි කුරුලූ විශේෂ එම සෙල්ලම් බඩු වල කණ්නාඩි තිබිමෙන් විනෝදයට පත් වේ.

සුරතල් කුරුල්ලාට ආහාර ලබා දෙන්න.

කුමන වර්ගයේ කුරුල්ලෙකු ඔබ විසින් තෝරා ගත්තද කුරුල්ලාව සෞඛ්‍ය සම්පන්ව හා තෘප්තිමත්ව තබා ගැනිමට ඇසුරිම වල බහා ඇති ඇට සිහිත කෑම  නොසෑහෙන බව අයිතිකරු විසින් සිහි තබාගත යුතුය. පළමු වරම කුරු`ඵ අයිතිකරුවකු විසින් සිදු කරන විශාල අත්වැරැුද්ද මෙය වේ. බොහෝ කුරුල්ලන්ගේ ශක්ති සම්පන්න බව රඳා පවතින්නේ පළතුරු, එළව`ඵ සහ නිශ්චිත වර්ගයන්හි ධණ්‍ය වැනි ඔවුන්ගේ කාබනික ආහාර මතය. පුංචි අතුරිකිලි සහ කොළ රොඩු වැස්මවල් සැපීමට සහ තීරූ කිරිමට ද ගිරවුන් ආශාවක් දක්වයි. කුරුල්ලන් සඳහා ලබා දෙන අතුරිකිලි වල කිසිම කෘමි රසායනයක් හෝ වෙනත් රසායනික ද්‍රව්‍යන් අඩංගු නොවන බවට වග බලා ගන්න. ඔබට හෝ ඇයට අයිති විශේෂිත කුරුල්ලා සඳහා ලබා දෙන අතුරිකිලි සහ කොළ විෂ රහිත බව දැනගත යුතුය. ආසන්න වශයෙන් සියලූම පක්ෂීන් හට සමහර ද්‍රව්‍යන් විෂ සිහිත වේ. එනම් මධ්‍යසාර, කැෆේන්, චොකලට්, වැනි සමහර ද්‍රව්‍ය අයිතිකරු විසින් කිසිම විටක තම කුරුල්ලාට ආහාරමය වශයෙන් නොදිය යුතුය. කුරුල්ලන් පළතුරු සහ එළව`ඵ වර්ග බුක්ති විඳින අතරතුර අලිගැට පේර සහ රිහාබ් ඔවුන් කිසිවටකත් පරිභෝජනය නොකළ යුතුය. බොහෝ කුරුල්ලන් කිරි වල ඇති සීනිමය ගතිය නොඉවසන අතර ඔවුනට කිරි නිෂ්පාදන ලබා නොදිය යුතුය. අවසාන වශයෙන් කුරුලා හට අ`ඵත් ජලය හැමවිට ලබා දී තිබිය යුතුය. මෙයින් අදහස් වන්නේ ජල බඳුන දවසකට වරකට වඩා වැඩි වරක් පිරිසිදු කළ යුතු බවය.

සෞඛ්‍ය පිළිබඳ සැළකිල්ල.

ඔබ පක්ෂියෙකු මිලදී ගැනිමට පෙර, කුරුලූ බෙහෙත් නියම කරන පශූවෛiවරයෙකු සොයා ගැනීමට අවශ්‍ය වනවා. බොහෝ පශූවෛiවරුන් බල්ලන් සහ පුසන් සම`ග පමණක් වැඩ කරන නිසා මේ සම්බන්ධව ප‍්‍රවීණතා නොතිබිය හැක. කුරුල්ලන් සතුව සැගවුණු රෝග තිබේන බව ප‍්‍රචලිත අතර අවසානයේ ඔවුන් රෝගී වනතුරුම රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරයි. විධිමත් පරික්ෂණයක් අවශ්‍ය වනවා කුරුල්ලා නිරෝගී දැයි දැන ගැනීමට. කුරුල්ලා පිරිසිදුව තබා ගැනිමේ හොඳම ක‍්‍රමය ඌව නෑවීමය. දියර ඉසින බෝතලයක් කුඩා ගණයේ කුරුල්ලන් නෑවීම සඳහා යොදා ගත හැක අතර විශාල ගණයේ කුරුල්ලන් නෑවීම සඳහා නාවන උපකරණ යොදා ගත යුතු වනවා. ලේ නවත්වන පවුඩරය හෝ පැරණි තාලයේ මෙන් ගොයම් කොළ සහිත ප‍්‍රථමාධාර පෙට්ටියක් සැමවිටම ල`ග තබා ගන්න.  කකුලේ නියපොතු කැපී ගියහොත් මෙමගින් ඉක්මණින් ලේ වහානය වීම නවත්වනු ඇත.

කුරුල්ලෙකු ඇති කිරිම විනොදජනක අත්දැකිමකි. කෙසේ වෙතත්, කුරුල්ලෙකු සමාජය ගත කිරිම යම් තරමක කාළය හා උත්සහායක් යෙදීමට සිදුවන බව මිලදී ගන්නා විසින් අවබෝධ කර ගත යුතුය. සෑම විටකම කූඩු කර තබන කුරුල්ලන් විනාශකාරි සහ අසන්තෝෂයෙන් ජිවත් වෙයි. හොඳින් රැුකබලා ගන්නා කුරුල්ලන් බොහෝ කාළයක් හොඳ සහාකරුවෙක් බවට පත්වෙයි. මැකෝ වැනි සමහර විශාල පක්ෂීන් අවුරුද් 50ක් පමණ යටත්ව ජිවත් වෙයි. එපමණක් නොව සමහර කුඩා ගණයේ පක්ෂීන්ද අවුරුදු 15ත් 20ත් අතර කාළයක් ජිවත් වෙයි.

 

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close