ikman

ikman හි විකුණන වාහනය තවමත් ආනයනය කර නැත්තම් හිමිවන වාසිය මෙන්න!

ඔබ දන්නවාද, දැන් ikman එකේ වාහනයක දැන්වීමක් දානකොට ‘Import’ කියලා අලුත් option එකක් ඇවිත් කියලා? මේක ඇත්තටම අපිට ගොඩක් වැදගත් දෙයක්. කලින් කලට විදෙස් රටවලින් ගෙන්වන වාහන ගැන හරියටම දැනගන්න එක පොඩි අවුලක් වෙලා තිබුණා. නමුත් දැන් ඒ ප්‍රශ්නේ නිරාකරණය වෙලා.

ශ්‍රී ලංකාවේ වාහන වෙළඳපොළ තුළ, ජපානය, එක්සත් රාජධානිය සහ වෙනත් රටවලින් ආනයනය කරන ලද බොහෝ මෝටර් රථ විදේශගතව සිටියදීම ප්‍රචාරය කරනු ලබයි. මේ දක්වා, වාහනයක් දැනටමත් දේශීයව ලබා ගත හැකිද නැතහොත් පසුව පමණක් පැමිණේද යන්න ගැනුම්කරුවන්ට පැහැදිලි නොවීය. එම තත්ත්වය බොහෝ විට ව්‍යාකූලත්වයට හේතු වූ අතර තීරණ ගැනීමේ ක්‍රියාවලිය මන්දගාමී විය.

ඇයි මේක මෙච්චර වැදගත්?

කලින් වාහනයක් ලංකාවේ නැතුව, විදෙස් රටක තියෙනවා නම් ඒක කියන්න ක්‍රමයක් තිබුණේ නෑ. ඒත් දැන් එහෙම වාහන දානකොට, එක click එකෙන් ඒක Import වාහනයක් කියලා සටහන් කරන්න පුළුවන්. ඒක නිසා අපි, buyer කෙනෙක් විදියට වාහනය බලනකොටම ඒක ලංකාවේ තියෙන එකක්ද, එහෙම නැත්නම් පිටරටින් ගෙන්වන එකක්ද කියලා හරියටම දැනගන්න පුලුවන්.

 දැන් අලුත් ‘Import’ option එක නිසා විකුණන කෙනාටත්, ගන්න කෙනාටත් දෙපැත්තටම හොඳ විශ්වාසයක් ඇති වෙනවා. විකුණන කෙනාට, තමන්ගේ වාහනේ ගැන නිවැරදි විස්තරයක් දෙන්න පුලුවන් නිසා හරි buyersලා ඉක්මනින් හොයාගන්න පුලුවන්. ඒ වගේම buyer කෙනෙක් විදියට අපිට, තව කෙනෙක්ව විශ්වාස කරලා වාහනයක් ගන්න පහසුවක් ලැබෙනවා.

 ikman එකේ වාහන හොයනකොට, search filter වලට ගිහිල්ලා ‘Import’ කියලා තියෙන filter එක use කරලා, පිටරටින් ගෙන්වන වාහන විතරක්ම බලන්න පුලුවන්. එතකොට අපේ කාලය ගොඩක් ඉතිරි වෙනවා.

දැන් ඉතින් ඔයාටත් ikman එකේ වාහනයක දැන්වීමක් post කරනකොට, ඒක පිටරටින් ගෙන්වන වාහනයක් නම්, අනිවාර්යයෙන්ම ‘Condition’ කියන තැනට ගිහින් ‘Import’ කියලා දාන්න අමතක කරන්න එපා. ඒක ඔයාටත්, වාහනයක් හොයන අනිත් කෙනාටත් ගොඩක් පහසුවක්. මේ වගේ තවත් අලුත් feature ගැන දැනගන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න!

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close