සුරතල් සතුන් සහ සතුන්

පවුලකට සුරතලයට ඇති කිරීමට හොඳම සුනඛයින් වර්ග 5ක්

සුරතල් සතුන් ඇති කරන්න අපි කවුරුත් කැමතියි. සුරතල් සතුන් ඇති කරන විට අපට මානසික සුවයක් වගේම සතුටක් දැනෙනවා. ශ්‍රි ලංකාවේ වැඩියෙන්ම ඇති කරන සුරතලුන් හැටියට සුනඛයින්, පූඅසන්, හාවුන්, කුරුල්ලන් සහ මාළු විශේෂ දක්නට ලැබෙනවා. මේ අතුරිනුත් සුනඛයින් සඳහා අපි වැඩි ප්‍රමුඛතාවයක් දෙනවා. විවිධ වර්ග වල සුනඛයින් විශේෂ අපිට හමුවෙන නමුත් වඩාත් ප්‍රචලිත සුනඛයින් වර්ග කිහිපයකින් තමන්ගේ සුරතලාව තෝරා ගැනීමට අපි වැඩි කැමැත්තක් දක්වනවා. ඇතැම් සුනඛ විශේෂ කුඩා පවුලක් සඳහා වඩාත් යෝග්‍ය වනවා. ඉතින් අපි අද කතා කරන්න යන්නේ එලෙස වඩාත් ප්‍රචලිත සුනඛයි වර්ග 5ක් පිළිබඳවයි.

Golden Retriever

අපට හමුවන සුනඛ විශේෂ අතරින් වඩාත්ම ජනප්‍රිය කාණ්ඩයක් තමයි Golden Retrievers කියන්නේ. මෙයට හේතුව මොවුන්ගේ ඇති සුරතල් පෙනුම සහ ඔවුන් අප කෙරෙහි දක්වන ලැදියාවයි. Golden Retriever සුනඛයින් ස්වභාවිකවම මිත්‍රශීලී කාණ්ඩයක්. ඒ වගේම මොවුන්ව පුහුණු කිරීමත් ඉතා පහසුයි. Golden Retriever කාණ්ඩයට නිරතුරුව ව්‍යායාමයන් අවශ්‍ය නිසා මොවුන්ව නිතර ඇවිදවීමට සහ ඔවුන් සමග ක්‍රියාකාරකම් කිරීම සුදුසුයි. මීට අමතරව මොවුන් නිතර වෛද්‍ය පරීක්ෂාවන්ට යොමු කිරීමත්, grooming sessions සඳහා රැගෙන යාමත් වැදගත්. කුඩා ළමුන් සමග වුවත් හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගන්නා බැවින් Golden Retriever පවුලක සුරතලා වශයෙන් ඇති කිරීමට වඩාත් යෝග්‍යයි. Golden Retriever බලු පැටවෙක් ඔබට රු. 40,000ත් 70,000ත් අතර මිල ගණන් වලට මිලදී ගැනීමට හැකියි.

Cocker Spaniel

Cocker Spaniel සුනඛයින් වඩාත් ජනප්‍රිය වී ඇත්තේ ඔවුන්ගේ සුවිශේෂී දිගු කන් සහ අනර්ඝ ලෝම සඳහායි. පෙනුමෙන් ඉතා අහිංසක සහ සුරතල් වන මොවුන් මිනිසුන් සමග ඉතා සමීප සම්බන්ධතාවයක් දක්වයි. එම නිසාම මොවුන්ට නිතර ආදරය, කරුණාව සහ අවධානය අවශ්‍යයි. Cocker Spaniel සුනඛයින් කුඩා ළමුන් සහිත පවුලකට වඩාත් ගැලපෙන තෝරාගැනීමක් වශයෙන් දැක්වීමට පුළුවන්. ක්‍රීඩාශීලී සුනඛ කාණ්ඩයක් වන මොවුන්ට නිරතුරුව ව්‍යායාම මෙන්ම සෞඛ්‍යදායී ආහාරවේලක් සැපයීම වැදගත්. නිතර ලෝම හැලෙන බැවින් ඔබ විසින් Cocker Spaniel සුරතලුන් grooming sessions වලට රැගෙන යාමට අවශ්‍යයි. මීට අමතරව නිතර වෛද්‍ය පරීක්ෂණ වලට යොමු කිරීමෙන් ඔවුන්ට තිබිය හැකි රෝග කල්තියා හඳුනාගැනීමට පුළුවන්. ඔබට හොඳින් ඉඩකඩ තිබෙන නිවසක් තිබේනම් මෙම කාණ්ඩයේ සුරතලුන් ඇති කිරීම වඩාත් යෝග්‍යයි. Cocker Spaniel බලු පැටවෙක් සාමාන්‍යයෙන් රු. 20,000ත් 30,000ත් අතර මිලකට මිලදී ගැනීමට හැකියාව තිබෙනවා.

Pomeranians

ඉඩකඩ අවම කුඩා නිවසකට කදිම සුරතලෙක් වශයෙන් Pomeranian සුනඛ විශේෂය දැක්වීමට පුළුවන්. මොවුන් ඉතා ක්‍රියාශීලී, තරමෙන් මදක් කුඩා සුනඛ කාණ්ඩයක්. මිනිසුන්ට ඉතාම ලැදි බැවින් කුඩා ළමුන් සහිත පවුලකට මොවුන් හොඳින් ගැලපෙනවා. Pomeranians සඳහාත් හොඳින් ව්‍යායාම සහ සෞඛ්‍යදායී ආහාර ලබාදීම වැදගත්. Pomeranian සුරතලෙක් ඇති කිරීමට කැමති ඔබ විශේෂයෙන් මතක තබා ගත යුතු කරුණක් තමයි මොවුන් ඉක්මනින් අපිරිසිදු වන බව. එම නිසා ඔබට නිරතුරුව මොවුන් නෑවීමට සහ පිරිසිදු කිරීමට සිදු වනවා නොඅනුමානයි. එම නිසා ඉතා කාර්යබහුල පවුලකට හෝ කෙනෙකුට මෙම සුරතලුන් විශේෂය ඇති කිරීමට මදක් අපහසු විය හැකියි. නිතර මොවුන්ව grooming sessions සඳහා රැගෙන යා යුතු වුවත් මොවුන් ක්‍රියාශීලී බැවින් ලෙඩරෝග වලින් අවමයි. Pomeranian බලු පැටවෙක් ඔබට රු. 15,000ත් 25,000ත් අතර මිලකට මිලදී ගැනීමට පුළුවන්.

Shih Tzu

ඔබට ඇති කිරීමට අවශ්‍ය ඉතා පොඩි ඉඩකඩකට ගැලපෙන සුරතලෙක් නම්, Shih Tzu එයට කදිම පිළිතුර සුනඛයෙක්. මොවුන් තරමින් බොහෝ කුඩා වන අතර එහාමෙහා ගෙනයාම වුවත් ඉතා පහසුයි. Shih Tzu සුනඛයින් ක්‍රියාශීලී වන අතර ඔවුන් කුඩා ළමුන්ට වැඩි ප්‍රියතාවයක්ද දක්වයි. මොවුන් ඇති කිරීම පහසු අතර නිතර අවධානය යොමු කිරීමද අවශ්‍ය නැත. නිතර එහාමෙහා දිවීම හේතුවෙන් Shih Tzu විශේෂය රෝගී වීම දුර්ලභයි. ලෝම හැලීම සහ නිතර කිළිටි වීම නිසා මෙම කාණ්ඩයේ සුනඛයින්ද නිතර නෑවීමට සහ පිරිසිදු කිරීමට සිදු වෙනවා. කෙසේ නමුත් හුරුබුහුටි පෙනුම මෙන්ම සිරුරෙන් කුඩා වීම නිසා Shih Tzu සුනඛයින් ඇති කිරීමේ ප්‍රවණතාවය වැඩි වී තිබෙනවා. Shih Tzu බලු පැටියෙක් ඔබට රු. 50,000ත් 75,000ත් අතර මිලකට සොයාගැනීමට පුළුවන්.

Beagles

මෑත කාලයේ වඩාත් ජනප්‍රිය වුණු සුනඛ විශේෂයක් වශයෙන් Beagles හැඳින්වීමට පුළුවන්. මොවුන්ගේ පෙනුමේ ඇති විශේෂත්වය වන්නේ කලු, දුඹුරු සහ සුදු පැහැ වර්ණ වල එකතුවකින් යුත් ලෝම තිබීමයි. එමෙන්ම මොවුන්ගේ විශාල කන් වලින් ඉතාම හුරුබුහුටි පෙනුමක් ඇතිවී තිබෙනවා. Beagles කාණ්ඩය ඉතා ක්‍රියාශීලී, සෙල්ලමට හුරු කාණ්ඩයක් නිසා කුඩා ළමුන් සමග තැබීමට වඩාත් උචිතයි. ව්‍යායාම සහ ආහාර පාලනය අවශ්‍ය වුවත් මොවුන් පිරිසිදු කිරීමට සහ grooming කිරීමට අපහසු නැත. ඇවිදීමට වැඩි කැමැත්තක් දක්වන බැවින් මොවුන් නිතර දුව පැනීමට ඉඩකඩ සහිත පරිසරයක ඇති කිරීම සුදුසුයි. නිරන්තර වෛද්‍ය පරීක්ෂණ වලට යොමු කිරීමෙන් මොවුන්ට සෑදිය හැකි රෝග විශේෂ බොහොමයක් වළක්වා ගැනීමට පුළුවන්. Beagle විශේෂයේ බලු පැටියෙක් මිලදී ගැනීමට රු. 25,000ත් 50,000ත් අතර මිලක් වැය විය හැකියි.

දැන් ඔබට ඔබගේ නිවසේ ඇති කිරීමට ගැලපෙන සුරතලා පිළිබඳව හොඳ අවබෝධයක් ඇති. ඔබගේ නිවසේ ඇති ඉඩකඩ ප්‍රමාණය, ඔබගේ දරුවන්ගේ වයස් ප්‍රමාණය, මෙම සුරතලුන් නඩත්තු කිරීම සඳහා ඔබට දැරිය හැක වියදම වැනි කාරණා සලකා බැලීමෙන් පසුව ඔබට ඉහත සාකච්ඡා කල සුනඛ විශේෂ වලින් එකක් තෝරා ගැනීමට ඔබට පුළුවන්. සුරතල් සතුන් මිලදී ගැනීමට පහසුම ක්‍රමයක් තමයි ikman.lk. ikman වෙතින් ඔබට පහසුවෙන් සියලුම වර්ගවල සුරතල් සතුන් මිල ගණන් සහ ස්ථානයන් අනුව සොයාගැනීම වඩාත් පහසුයි. එහෙනම් ඔබත් පමා නොවී දැන්ම ikman.lk වෙත පිවිසෙන්න.

නවතම දැන්වීම් බලන්න:
American Bully Puppies
Colombo, Pets
Rs 70,000
Boxer Puppies
Gampaha, Pets
Rs 150,000
Rottweiler Puppies
Gampaha, Pets
Rs 45,000
Lion Pomeranian Puppies
Gampaha, Pets
Rs 17,000
Shihtzu Puppies
Ratnapura, Pets
Rs 80,000
View all 3589 ads..

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close