සුරතල් සතුන් සහ සතුන්

ගොඩක් අය ආදරය කරන Golden Retriever ගැන මෙන්න

ආදරණීය පවුලක තවත් එක ආදරණීය සමාජිකයෙක් තමයි සුරතල් සුනඛයෙක් කියලා කියන්නේ.ඒ අතරින් පවුලකට ගොඩක් පක්ෂපාතී සුනඛ වර්ගයක් විදිහට Labrador Retriever, Golden Retriever විශේෂයෙන් හදුන්වන්න පුලුවන්. Labrador Retriever ගැන මීට පෙර අපි ඔබට ලිපියකින් දැනුවත් කළා.මේ blog එක හරහා අපි කියන්නේ Golden Retriever ගැනයි.

19වන සියවසේ මැදභාගයේදී ස්කොට්ලන්තයෙන් බිහිවු සුනඛ වර්ගයක් ලෙස තමයි Golden Retriever හැදින්වෙන්නේ.ඒකල මිනිසුන් ජලාශ්‍රිත ප්‍රදේශවල තාරාවන් දඬයම් කිරීමේදී සහයෙකු ලෙසයි Golden Retriever රැගෙන ගිහින් තියෙන්නේ.Retriever කියන වචනේ තේරුම තමයි ගෙනවිත් දෙන්නා කියන අදහස.වතුරට වැඩෙන දඬයම සිය හාම්පුතා ලගටම ගෙනවිත් දෙන නිසයි මෙයාලට මේ නම හැදිලි තියෙන්නේ කියලයි බොහෝදෙනාගේ අදහස.නමුත් වර්තමානයේ Golden Retriever පවුලේ සුරතලෙක් හැටියට හැමෝම අතර ජනප්‍රිය වී අවසන්.

ප්‍රමාණයෙන් විශාල සුනඛ වර්ගයක් ලෙස හැදින්වෙන Golden Retriever පිරිමි සතුන් උරහිස තෙක් උස අඟල් 22-24පමණද බර කිලෝග්‍රෑම් 27-36 අතරද වනවා. ගැහැණු සතුන් උස අඟල් 20-22ක් සහ බර කිලෝග්‍රෑම් 25-32 වේ.

Labrador Retriever සුනඛයින්ට සමාන පෙනුමක් මේ අයටත් තියෙනවා.රන්වන් පැහැයට හුරු ලා දුඹුරු පැහැයක් සහ සුදට හුරු  ක්‍රීම් පැහැයෙන් බහුලව Golden Retriever දකින්න පුලුවන්.

ගති ලක්ෂණ අතිනුත් Labrador Retrieverට සමාන වන මොවුන් පවුලේ අය සමඟ සහ අනෙකුත් සියලුදෙනා සමඟ ඉතා මිත්‍රශිලී,කීකරු වගෙම කුඩා දරුවෝ ඉන්න පවුලකට ඉතා හොඳින් ගැළපෙන සුනඛ වර්ගයක් විදිහට Golden Retriever සැලකෙනවා.

ලෝකයේ සුනඛ වර්ග අතරින් බුද්ධිමත්භාවයෙන් 4වන තැන හිමිකරගන්න Golden Retriever සමත්වෙලා තියෙනවා.
ඔයාලටත් ඔයාලගේ ආදරණීය සුරතලා විදිහට Golden Retriever කෙනෙක් පවුලට එකතු කරගන්න කැමැත්තෙන් නම් ඉන්නේ ikman වෙත පිවිසෙන්න.

Golden retrievers for sale in ColomboGolden retrievers for sale in Matara
Golden retrievers for sale in GampahaGolden retrievers for sale in Kandy
Golden retrievers for sale in GalleGolden retrievers for sale in Kalutara
Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close